හුලංකීරිය කැඳ හදමු (Hulankiriya Kada) 👌

හුලංකීරිය කැඳ හදමු (Hulankiriya Kada) 👌 - Your Choice Way

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • හුළං කීරිය පිටි කෝප්ප 1/2යි.
  • කැකුළු හාල් කෝප්ප 1
  • සීනි ග්‍රෑම් 100
  • මිටි කිරි කෝප්ප 2
  • දිය කිරි කෝප්ප 2 
  • ලුණු රස අනුව
  • රට ඉඳි මදුළු 4 ක් 
  • මුදරස් පලම් ටිකක්

✅ සාදා ගන්නා ආකාරය :

  1. ♦️ අපි මුලින්ම බලමු කොහොමද හුලං කීරිය පිටි හදා ගන්නෙ කියල.මුලින්ම අල හොඳින් පස් යන්න සෝදල පොඩියට කපා ගන්න.පසුව වතුර කෝප්පයක් දාල හොඳින් බ්ලෙන්ඩ් කරල බ්ලෙන්ඩර් කප් එකේම පැය තුනක් තියන්න. සොලවන්න මුකුත් කරන්න එපා.එතකොට වතුර ටික උඩ මතුවෙලා පිටි ටික අඩියෙ තැන්පත් වෙනව.අන්න එතකොට වතුර ටික පරිස්සමෙන් ඉවත් කරල පිටි ටික වෙන් කරල ගන්න.මම පෙරදා රෑට බ්ලෙන්ඩ් කරල ඊට පසුදා උදේ තමා ගත්තෙ.🔴 අපිට නම් මේ පැතිවල ඉඩම් වල හුලං කීරිය තියනවා.නමුත් නගර බද අයට නම් ගන්න වෙන්නෙ කඩෙන්.සමහර පොළවල් වල සහ සුපර් මාර්කට් වල තියනවා.මේව ගන්න.🔴 එහෙම නැත්නම් සුපර් මාර්කට් වල තියනවා හුලංකීරිය පිටි කරපු පොඩි පැකට්. ඒක ගන්නත් පුළුවන්. #අරලුප්_පිටි කියල ඉල්ලුවාම හරි.ඔන්න දැන් ඒ ප්‍රශ්නය හරි 😃
  2. ♦️ ප්‍රථමයෙන්ම කැකුළු හාල් ටික හොඳින් සෝදා ගරාගෙන ලිප තියන්න.මතක ඇතුව හාල් නෑඹිලියක දාල හොඳින් ගරල ගන්න. අනිවාර්යයෙන්ම කැඳ වගේ දෙයක් හදන කොට හාල් ගරල ගන්න අමතක කරන්න එපා 
  3. ♦️ හාල් ටික ගානට තැම්බුනාට පස්සෙ දිය කිරි සමඟ හුලංකීරිය පිටි ටික සහ සීනි එක් කරන්න.(දිය කිරි,සීනි සහ හුලංකීරිය එකට දාල කවලම් කර ගන්න) ලුණු ස්වල්පයක් එකතු කරන්න.
  4. ♦️ ලිප තබා හොඳට හැඳිගාමින් පිස ගන්න. ගින්දර වැඩි කර ගන්න එපා.අඩිය අල්ලන්න බලන නිසා අනිවාර්යයෙන්ම හැඳි ගාන්න.
  5. ♦️ විනාඩි 10 කට පසු උකු මිටි කිරි ටික එකතු කරල පිස ගන්න.ලුණු රස සහ පැණි රස බලා රස අනුව ඒව හදා ගන්න.
  6. ♦️ තියේනම් විතරක් රට ඉඳි කිහිපයක් කුඩාවට කපා මුදරස් පලම් සමඟ එකතු කරන්න.එතකොට වඩාත් රසයි.ඒ වගේම එනසාල් ඇට කිහිපයක් හෝ වැනිලා එසෙන්ස් පොඩ්ඩක් එකතු කරල ගන්නත් පුළුවන්.

🔴 සීනි වෙනුවට පැණි හෝ හකුරු එකතු කරන්න පුළුවන්.මී පැණි උනත් කමක් නෑ.පැණි එකතු කලාම හුලංකීරිය වල ස්වභාවික පැහැය වෙනස් වෙනව.නමුත් ඖෂධීය ගුණය වෙනස් වෙන්නෙ නැහැ.සීනි වලට වඩා පැණි තියේනම් ගොඩක් සෞඛ්‍යය සම්පන්නයිනේ කොහොමත්.

🔴🔴 මේ කැඳ එක උණුසුම් ලෙස හෝ සීත කරල ඕනම විදියකට අපිට පරිභෝජනය කරන්න පුළුවන්.හරි ඉක්මනට මිදෙනවා. හරියට අර කිතුල් පිටි කැඳ වගේමයි.

🔴🔴🔴 ඒ වගේම මේ හුලංකීරිය අල තම්බල කොච්චි සම්බෝලයක් හදල පොල් එක්ක කන්නත් පුළුවන්.තව ඕන නම් හාල් මැස්සො දාල වෑංජනයක් විදියට හදල ඉතාම ප්‍රණීත ලෙස බත් එක්ක කන්නත් පුළුවන්.

❤ අපි දැන් වෙනද වගේම බලමු පොඩ්ඩක් කතා කරල හුලං කීරිය කියන මේ ඖෂධීය ආහාරයේ මොනතරම් වටින ගුණ සමුදායක් තියනවද කියලවල.අම්ලපිත්තයට, බඩවැල් වල තුවාල වලට, මලබද්ධයට සෑහෙන්න ගුණයි. හෘද රෝග, උණ, කැස්ස,චර්ම රෝග, අජීර්ණ, මුත්‍රා අඩස්සිය, වලිප්පුව, අතීසාරය, අර්ශස් රෝගයට වගේම ශරීරය මහත්වීම අඩු කරනවා. ශරීරයේ අම්ල ගතියත් නිසැකවම අඩු කරනවා. ළදරු ආහාරයට සුදුසුයි, බරින් අඩු නිසා සුව වන ලෙඩුනටද සුදුසුය.ඒ වගේම අරලුප්පිටි පොඩි දරුවන්ගෙ ඇගේ දාඩිය බිබිලි දැම්මාම පව්ඩර් වගේ ඇඟේ ගැල්ලුවාම බිබිලි සුව වෙනවා.බලන්න අපේ රටේ කොයිතරම් වටින දේවල් කන්න බොන්න තියේද? මේවා තියාගෙන වස විස කාල නිකරුණේ ආයු කාලය අඩු කර ගන්නව නේද? 

♦️ඉතින් ආයෙ දවසක මේ වගේ තවත් රසම රස රෙසිපි එකකින් හමුවෙමු. ඔයාල සියළුම දෙනාට නිදුක් නීරෝගී සුවයෙන් සැමකල් ජීවත් වීමට වාසනාව ලැබේවා කියල වෙනද වගේම අදත් හදවතින්ම ආශිර්වාද කරනවා. 
උතුම් තෙරුවන් සරණයි සියළුම දෙනාට ☸ 

✍️ ගයාන් විදාන පතිරණ 
Lecturer in Management & English Language CA, IELTS Examiner, Ex-Banker, JP (All Island)
හුලංකීරිය කැඳ හදමු (Hulankiriya Kada) 👌 - Your Choice Way

හුලංකීරිය කැඳ හදමු (Hulankiriya Kada) 👌 - Your Choice Way

හුලංකීරිය කැඳ හදමු (Hulankiriya Kada) 👌 - Your Choice Way

හුලංකීරිය කැඳ හදමු (Hulankiriya Kada) 👌 - Your Choice Way

හුලංකීරිය කැඳ හදමු (Hulankiriya Kada) 👌 - Your Choice Way

හුලංකීරිය කැඳ හදමු (Hulankiriya Kada) 👌 - Your Choice Way

හුලංකීරිය කැඳ හදමු (Hulankiriya Kada) 👌 - Your Choice Way
👇 ඒ වගේම මේ තියෙන්නෙ මගේ Page එක.මේක English Language Page එකක්. ඉංග්‍රීසි ඉගෙන ගන්න කැමති අය ඉන්නවානම් Like එකක් දාල Join වෙන්න කියල ආරාධනා කරනවා.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
හුලංකීරිය කැඳ හදමු (Hulankiriya Kada) 👌 හුලංකීරිය කැඳ හදමු (Hulankiriya Kada) 👌 Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 17, 2022 Rating: 5

0 comments:

Post a Comment