Gini Malak Song Lyrics - ගිණි මලක් ගීතයේ පද පෙළ

Gini Malak Song Lyrics - ගිණි මලක් ගීතයේ පද පෙළ
Song Title : Gini Malak (ගිණි මලක්)
ගායනය : කිත්සිරි ජයසේකර
පද රචනය : ධම්ම දිසානයක, කීර්ති ආරියදාස
සංගීතය : ලලිත් වික්‍රම


ගිණි මලක් පිපුනාය දොරකඩ
වරක් නොව තව වතාවක්
සඳක් සේ දිළිසුනා පුරපස
පිපුණි දොරකඩ රන් මලක් //

මදහසක් දිළිසීය මුව අග
නිමේෂයකට අඩ ඉමක් ඇඳ
නමුදු ඒ හස කඩා කඩඉම්
ගෙන ගියා අප අනන්තය වෙත
ගෙන ගියා අප අනන්තය වෙත

ගිණි මලක් පිපුනාය දොරකඩ
වරක් නොව තව වතාවක්
සඳක් සේ දිළිසුනා පුරපස
පිපුණි දොරකඩ රන් මලක්

දුටිමු අප ඇගෙ ඇසි පියන් යට
දෙසිත් කැළඹු නිල් උපුල් යුග
දැවි දැවී සැනසුනා අප සිත්
තැබී ඈ තව පියවරක් දුර
තැබී ඈ තව පියවරක් දුර

ගිණි මලක් පිපුනාය දොරකඩ
වරක් නොව තව වතාවක්
සඳක් සේ දිළිසුනා පුරපස
පිපුණි දොරකඩ රන් මලක් //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Gini Malak Song Lyrics - ගිණි මලක් ගීතයේ පද පෙළ Gini Malak Song Lyrics - ගිණි මලක් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 02, 2022 Rating: 5

0 comments:

Post a Comment