Digu Neth Hasarelle Song Lyrics - දිගු නෙත් හසරැල්ලේ ගීතයේ පද පෙළ

Digu Neth Hasarelle Song Lyrics - දිගු නෙත් හසරැල්ලේ ගීතයේ පද පෙළ
Song Title : Digu Neth Hasarelle (දිගු නෙත් හසරැල්ලේ)
ගායනය : දයාරත්න පෙරේරා
සංගීතය : අජිත් ජයවීර
ගී පද : කුසුම් පීරිස්


දිගු නෙත් හසරැල්ලේ මා සැනසුන දවසේ
මේ නෙතු නවතා මගේ හිත අමතා
හිරු හිනැහුන උදයේදී ආදරයද මට කීවේ

උදේ හවා කල ගෙවන තුරාවෙදි පටු මාවත් අතරේ
තුරුලිය හෙවනේ සිහිලස ලබමින් ගතකල සොඳුරු පැයේ
මල් හිනැහුන උයනේදී ආදරයද මට කීවේ

දිගු නෙත් හසරැල්ලේ හිත රිදවුන දවසේ
උණුසුම් සුසුමින් නෙතු බොඳවෙද්දි
සැඩ හිරු නැගි මද්දහනේ ආදරයද මට කීවේ

දෙදෙනා ආ මග අද මා තනිවම ඔබ නෑ මගේ හෙවණේ
වෛර කරන්නෑ මං කවදාවත් සැනසෙනු ඔහු හෙවණේ
ප්‍රේමය රුදු සිහිනයෙකී ආදරයයි මට කීවේ

දිගු නෙත් හසරැල්ලේ අප වෙන්වුන දවසේ
මා නෙතු හඬවා ඔහු හද සනසා
හිරු වැලපෙන හැන්දෑවේ ආදරයද ඔබ කීවේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Digu Neth Hasarelle Song Lyrics - දිගු නෙත් හසරැල්ලේ ගීතයේ පද පෙළ Digu Neth Hasarelle Song Lyrics - දිගු නෙත් හසරැල්ලේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 14, 2022 Rating: 5

0 comments:

Post a Comment