Dawasin Dawasata Song Lyrics - දවසින් දවසට ගීතයේ පද පෙළ

Dawasin Dawasata Song Lyrics - දවසින් දවසට ගීතයේ පද පෙළ
Song Title : Dawasin Dawasata (දවසින් දවසට)
ගායනය : එඩ්වඩ් ජයකොඩි
පද : කේ.ඩී.කේ ධර්මවර්ධන
තනුව : රෝහණ වීරසිංහ


දවසින් දවසට කොළයෙන් කොළයට
කොළ අඩු වෙනවා දින දසුනේ
මොහොතින් මොහොතට මා ගැන සටහන්
වියැකී යනවා ඔබ මනසේ

පුරපස අවපස වෙනසක් වූවද
ඔබ වෙයි සඳ මගෙ හද අඹරේ
මගෙ ඒ සිතුවිලි හා සබැඳේවිද
මුදු සිතුවිලි ඔබෙ හද මැදුරේ

දවසින් දවසට කොළයෙන් කොළයට
කොළ අඩු වෙනවා දින දසුනේ
මොහොතින් මොහොතට මා ගැන සටහන්
වියැකී යනවා ඔබ මනසේ

සිතුවෙමි සිතනෙමි හුරු ලෙස ඔබ ගැන
මගෙ හිත චංචල වූයේ නෑ
දින දසුනේ තව එක කොළයක් ඇත
එක දවසකි ඉතිරිව ඇත්තේ

හිතන්න බොළඳියෙ මගේ කුටියටත්
ඔබෙ කුටියට මෙන් වසරෙන් වසරට
නව දින දසුනක් එනවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Dawasin Dawasata Song Lyrics - දවසින් දවසට ගීතයේ පද පෙළ Dawasin Dawasata Song Lyrics - දවසින් දවසට ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 19, 2022 Rating: 5

0 comments:

Post a Comment