බනානා චොක්ලට් මිල්ක්ශේක් හදමු 🍫🍹🍹🍹 (Banana Chocolate Milkshake)

බනානා චොක්ලට් මිල්ක්ශේක් හදමු 🍫🍹🍹🍹 (Banana Chocolate Milkshake) - Your Choice Way

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • ඉදුණු කෙසෙල් ගෙඩි 2 (ආනමාළු හෝ ඇම්බුන්)
  • ඩාර්ක් චොකලට් කැලි 2
  • වැනිලා Fresh milk වීදුරුවක්
  • වැනිලා ස්වල්පයක් 
  • අයිස් කැට ටිකක්
  • චොක්ලට් අයිස් ක්‍රීම් ස්කූප් 2 

✅ සාදා ගන්නා ආකාරය :

  1. ♦️ ප්‍රථමයෙන්ම චොක්ලට් ටික පොඩි වීදුරු භාජනයකට දාල ඩබල් බොයිල් ක්‍රමයට දිය කර ගන්න.(ගොඩක් අය සේරම අමු ද්‍රව්‍ය එකටම දාල බ්ලෙන්ඩ් කරනව.ඇත්තටම එතකොට ඉස්තරම් රසක් එන්නෙ නැහැ)
  2. ♦️ දැන් කෙසෙල් ටික පොඩි කෑලි වලට කඩල බ්ලෙන්ඩරයට දාන්න.ඒකට චොකලට් ක්‍රීම් ටික දාල හොඳට බ්ලෙන්ඩ් කරන්න.(චොකලට් ක්‍රීම් එකෙන් පොඩ්ඩක් තියා ගන්න)
  3. ♦️ ඊට පස්සෙ fresh milk ටික,අයිස් කැට, වැනිලා සහ සීනි දාල හොඳින් බ්ලෙන්ඩ් කරන්න.(මම නම් සීනි දැම්මෙ නෑ.මොකද මම ගත්තෙ රස කල හයිලන්ඩ් කිරි පැකට් එකක්)
  4. ♦️ දැන් ඉතින් වීදුරුවකට දාල අයිස් ක්‍රීම් තියේ නම් උඩට දාල අර අරන් තියන්න කියපු චොකලට් ක්‍රීම් ටික උඩට දාගෙන රස විඳින්න.
🔴🔴 මම නම් ගානිෂ් කලේ මුකුත් නැහැ. මොකද මම විතරක් බොන නිසා.අනික තියන වෙලාවත් බොහොම සීමිතයි. අමුත්තෙකුට සංග්‍රහ කරනවා නම් ජූස් වීදුරුවක් අරන් චොකලට් ක්‍රීම් ටිකක් රේඛා හැඩේට වටේ අතුරලා ඒකට ස්මූති එක වක් කරන්න.ඒකට උඩින් අයිස් ක්‍රීම් එක් කරන්න. අයිස් ක්‍රීම් එකට උඩින් ඩබල් බොයිල් කරපු චොකලට් ක්‍රීම් හෝ ඩාක් චොකලට් කෑල්ලක් ග්‍රේට් කරල ඉසින්න.

🔴 තියේනම් චොකලට් සෝස් පොඩ්ඩක් එකතු කරන්න එතකොට තවත් රසයි.fresh milk වගේම පිටි කිරි එකතු කරන්නත් පුළුවන් ශීතකරල අරන්.අපෝ පිටි කිරි කියන්නෙ තනිකම පරපුරක් විනාශ කරන මාරාන්තික වස නිසා මම නම් හයිලන්ඩ් හෝ පැලවත්ත ඇරෙන්න අනිත් වහ පලාතෙ ගෙන්නෙ නෑ.

🔴 එහෙමත් නැත්නම් මිල්ක්මේඩ් එකතු කරල හදන්නත් පුළුවන්.මිල්ක්මේඩ් එකත් කඩෙන් ගන්න එපා.මම හදන හැටි කලින් කිව්වනේ.

🔴 එහෙනම් මේ විදියටත් හදල රස විදල බලන්නකෝ..

🔴 ඒ වගේම මට චොකලට් පිළිබඳව අන්තර්ජාලය තුලින් බොහොම ගුණාත්මක ලිපියක් හමු උනා.ඒකත් මීට පහලින් අමුණනනවා.හැමෝම කියවලා බලන්න.
ගොඩක් ප්‍රයෝජනවත් වෙවි ඔයාලගෙ අමතර දැණුමට ඒක.නිරෝගිමත් සිරුරකට චොක්ලට් කදිමයි

බොහෝ දෙනා හිතන්නේ චොක්ලට් (CHOCOLATE) කියන්නේ ඉතාමත් රසවත් ප්‍රණීත ආහාරයක් ( FOOD ) පමණයි කියලා. එක ඇත්ත. නමුත් ඔබ දන්නවාද චොක්ලට් ඉතාමත් පෝෂ්‍යදායි ( HEALTHY ) ආහාරයක්. එහි එහි කොකෝවා 70% ක් පමණ ඇතුලත් වෙනවා. මේ නිසාම මෙය ඉතාමත් ගුණවත්. තිබෙන ගුණයන් ඔබව අනිවාර්යයෙන් ම පුදුමයට පත් කරනවා නිසැකයි. ඉතින් අපි බලමු මේ චොක්ලට් වලින් ලැබෙන ගුණයන් මොනවද කියලා.

➡️ චොක්ලට් වල ෆ්ලොවනොයිඩ්ස් අඩංගුයි
ඔබ දන්නවා ද චොක්ලට් වල අඩංගු වෙනවා සෞඛ්‍ය වාසි රැසක් ගෙන දෙන Flavonoids කියන සංඝටකය. මෙම සංඝටකය ස්වාභාවිකවම පළතුරු, එළවළු, තේ සහ රතු වයින් වල අඩංගු වෙනවා. මෙය ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක් මෙයට හැකියාවක් තිබෙනවා රුධිර ප්‍රවාහනය වේගවත් කිරීමට සහ කොලෙස්ටරෝල් පාලනය කිරීමටත්.

➡️ හෘද රෝග අවදානම අඩු කරනවා
කොකෝවා අන්තර්ගත ආහාර ගැනීමෙන් විශාල ලෙස හෘද සනීපාරක්ෂාව වැඩිදියුණු වෙනවා. එයට හේතුව වන්නේ එහි Flavonoids අඩංගු වීම. හොඳ ප්‍රතිඔක්සිකාරකයක්. මෙහිදී රුධිර කැටි ගැසීම වළක්වා රුධිර පීඩනය අවම කිරීමේ හැකියාවක්ද චොක්ලට් සතුව තිබෙනවා.

➡️ කර්ණිකා ක්‍රියාකාරිත්වය සඳහා
ලෝකයේ මිනිසුන් 2.7කට වැඩි පිරිසක් කර්ණිකා ආශ්‍රිත රෝගයන්ට විශාල වශයෙන් බඳුන් වෙනවා. කර්ණිකා ආශ්‍රිතව පවතින රුධිරය කැටි ගැසීම රුධිරය ගමනාගමනය අඩාල වීම වගේ හදවත් රෝගයන්ට මෙම චොක්ලට් හොඳ ප්‍රතිකාරයක්. පර්යේෂණ මඟින් පෙන්වා දෙන ආකාරයට චොක්ලට් බහුලව ආහාරයට ගන්නන් මේවගේ රෝගයන් වෙත බඳුන් වීමේ ප්‍රවණතාවය ඉතාමත් අඩුයි.

➡️ ඔබගේ මානසිකත්වය නගා සිටුවයි
අපි චොක්ලට් කන්නේ ගොඩක් වෙලාවට සතුටුදායක මොහොතක් සමරන්න නේද? ඇත්තටම චොක්ලට් වලට හැකියාව තියෙනවා මානසිකත්වය එහෙමත් නැත්නම් අපේ mood එක වෙනස් කරන්න. වඩාත් තද පැහැති චොක්ලට් වල අඩංගු වන රසායනික ද්‍රව්‍යන්ට හැකියාව තියෙනවා ඔබගේ හැඟීම් උද්දීපනයට.

➡️ ඔබේ සම රැක ගැනීමට
චොක්ලට් වල අඩංගු Flavonoids වලට හැකියාවක් තියෙනවා ඔබගේ සම හිරු එළියේ පවත්නා UV කිරණයන් ගෙන් ආරක්ෂා කර ගැනීමට. විශේෂයෙන් මේ සඳහා වඩාත් සුදුසු වන්නේ වඩාත් තද පැහැයෙන් යුතු චොක්ලට් තමයි. ඒ වගේම චොක්ලට් වලට හැකියාවක් තියෙනවා සම මතු මතු පිටට රුධිරය ගලා ඒම වැඩි කර සමේ තෙතමනය ආරක්ෂා කරන්න. හිරු කිරණින් නිකුත් වන පාරජම්බුල කිරණ වලින් ඔබව ආරක්ෂා කිරීමේ හැකියාවක් මේ චොක්ලට් වලට තියෙනවා.

 ➡️ පානයට ඉතාමත් සුදුසුයි
ඔබ දැනටමත් දන්නවා චොක්ලට් වල අඩංගු කොකෝවා රුධිර වහනයට මනා දායකත්වයක් සපයන බව. ඔබ දන්නවාද චොක්ලට් කැබලි ලෙස ආහාරයට ගන්නවාට වඩා. දියරයක් ලෙස ලබා ගැනීම ඔබගේ ශරීරයට ඉතාම ගුණ දායකයි. සුදු චොක්ලට් වල කොකෝවා අඩංගු නොවන නිසා වඩාත් ශරීරයට ගුණදායක වන්නේ තද පැහැයෙන් යුතු චොක්ලට් පානය කිරීමයි.

➡️ ශරීරයේ බර අඩු කර ගැනීමට
 බොහෝ දෙනාට ඇති ප්‍රශ්නය අධික තරබාරුව අඩු කර ගැනීම සඳහා ද චොක්ලට් හොඳ විසඳුමක්. තද දුඹුරු පැහැයෙන් යුතු චොක්ලට් වලට හැකියාව තිබෙනවා ඔබගේ ශරීරයේ සීනි ප්‍රමාණය අවම කිරීමට. ඒ නිසා ඔබට පුළුවන් දිනකට කුඩා චොක්ලට් කැබලි 3ක් නැත්නම් 4ක් ආහාරයට ගන්න.

 ➡️ මිලදී ගැනීමට පෙර ලේබලය කියවන්න
 වෙනත් ඇසුරුම් කරන ආහාර වර්ග මෙන්ම ඔබ චොක්ලට් මිල දී ගැනීමට පෙර ඇසුරුම කියවීම ඉතාම වැදගත්. ඔබ මිල දී ගන්නා චොක්ලට් වර්ගය අනිවාර්යයෙන්ම කොකෝවා ප්‍රතිශතය වැඩි, සෞඛ්‍ය ප්‍රතිලාභ වැඩි චොක්ලට් වර්ගයක් විය යුතුය. ඉතාමත් හොඳ වෙළඳ සන්නාමයක් වීමත් මෙහිදී වැදගත්. සමහර චොක්ලට් වලට අමතරව සීනි, පැණි රසකාරක, කිරිපිටි, තෙල් වගේ දේවල් ද ඇතුලත් කරනවා. මේ නිසා ලේබලය හොඳින් කියවා කොකෝවා බහුල චොක්ලට් වර්ගයක් මිල දී ගන්න.

♦️ඉතින් ආයෙ දවසක මේ වගේ තවත් රසම රස රෙසිපි එකකින් හමුවෙමු. ඔයාල සියළුම දෙනාට නිදුක් නීරෝගී සුවයෙන් සැමකල් ජීවත් වීමට වාසනාව ලැබේවා කියල වෙනද වගේම අදත් හදවතින්ම ආශිර්වාද කරනවා. 
උතුම් තෙරුවන් සරණයි සියළුම දෙනාට ☸ 

✍️ ගයාන් විදාන පතිරණ 
Lecturer in Management & English Language CA, IELTS Examiner, Ex-Banker, JP (All Island)
බනානා චොක්ලට් මිල්ක්ශේක් හදමු 🍫🍹🍹🍹 (Banana Chocolate Milkshake) - Your Choice Way

බනානා චොක්ලට් මිල්ක්ශේක් හදමු 🍫🍹🍹🍹 (Banana Chocolate Milkshake) - Your Choice Way

බනානා චොක්ලට් මිල්ක්ශේක් හදමු 🍫🍹🍹🍹 (Banana Chocolate Milkshake) - Your Choice Way

බනානා චොක්ලට් මිල්ක්ශේක් හදමු 🍫🍹🍹🍹 (Banana Chocolate Milkshake) - Your Choice Way

බනානා චොක්ලට් මිල්ක්ශේක් හදමු 🍫🍹🍹🍹 (Banana Chocolate Milkshake) - Your Choice Way

බනානා චොක්ලට් මිල්ක්ශේක් හදමු 🍫🍹🍹🍹 (Banana Chocolate Milkshake) - Your Choice Way
👇 ඒ වගේම මේ තියෙන්නෙ මගේ Page එක.මේක English Language Page එකක්. ඉංග්‍රීසි ඉගෙන ගන්න කැමති අය ඉන්නවානම් Like එකක් දාල Join වෙන්න කියල ආරාධනා කරනවා.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
බනානා චොක්ලට් මිල්ක්ශේක් හදමු 🍫🍹🍹🍹 (Banana Chocolate Milkshake) බනානා චොක්ලට් මිල්ක්ශේක් හදමු 🍫🍹🍹🍹 (Banana Chocolate Milkshake) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 24, 2022 Rating: 5

0 comments:

Post a Comment