Bamara Esin Ingimarana Song Lyrics - බමර ඇසින් ඉඟිමරනා ගීතයේ පද පෙළ

Bamara Esin Ingimarana Song Lyrics - බමර ඇසින් ඉඟිමරනා ගීතයේ පද පෙළ
Song Title : Bamara Esin Ingimarana (බමර ඇසින් ඉඟිමරනා)
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය : ලූෂන් බුලත්සිංහල
තනුව : සරත් ද අල්විස්


බමර ඇසින් ඉඟිමරනා
මොණර කිකිළියන් රඟනා
යෞවනයේ මඟුල් ගෙදර සැණකෙළියයි වසන්තයේ
එන්න සැරසිලා එන්න සැරසිලා
එන්න සැරසිලා එන්න සැරසිලා

ලියතඹරා මල් පිපෙනා
රන් තරු කැන් දිදුල දෙනා
වසන්තයේ අත්තටු ලා
සමනලියන් මලට වුණා
යෞවනයේ මඟුල් ගෙදර සැණකෙළියයි වසන්තයේ
එන්න සැරසිලා එන්න සැරසිලා
එන්න සැරසිලා එන්න සැරසිලා

තහංචියේ මුර මැදුරේ
හොර රහසේ අගුලු ඇරේ
සොළොස් වියේ රැය කැළඹේ
සුවය සැදේ නිමේෂයේ
යෞවනයේ මඟුල් ගෙදර සැණකෙළියයි වසන්තයේ
එන්න සැරසිලා එන්න සැරසිලා
එන්න සැරසිලා එන්න සැරසිලා

බමර ඇසින් ඉඟිමරනා
මොණර කිකිළියන් රඟනා
යෞවනයේ මඟුල් ගෙදර සැණකෙළියයි වසන්තයේ
එන්න සැරසිලා එන්න සැරසිලා
එන්න සැරසිලා එන්න සැරසිලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Bamara Esin Ingimarana Song Lyrics - බමර ඇසින් ඉඟිමරනා ගීතයේ පද පෙළ Bamara Esin Ingimarana Song Lyrics - බමර ඇසින් ඉඟිමරනා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 30, 2022 Rating: 5

0 comments:

Post a Comment