Wala Athula Siri Yahane Song Lyrics - වළා අතුල සිරියහනේ ගීතයේ පද පෙළ

Wala Athula Siri Yahane Song Lyrics - වළා අතුල සිරියහනේ ගීතයේ පද පෙළ
Song Title : Wala Athula Siri Yahane (වළා අතුල සිරියහනේ)
ගායනය : අමරසිරි පීරිස්
පද රචනය : සුනිල් රත්නායක
සංගීතය : ප්‍රේමසිරි කේමදාස
(සුනිල් රත්නායකයන්ගේ "දළ රළ පෙල" ටෙලිනාට්‍යයේ තේමා ගීතයයි)


වළා අතුල සිරියහනේ
උණුසුම් හිරු කෙඳි පොරවා
ඉන්ද්‍රචාප කුමාරයා
නිදා වැටෙනවා

මල් සුගන්ධයෙන් නැලැවෙන
ලතා මඬුල්ලේ ලැගගෙන
රෑන් රෑන් සියොතුන් ගී
සින්දු කියනවා

ජීවිතය වගේ මුමුණන
ආදරය වගේ දිලිහෙන
දිය තරංග පොකුරක්
එලියෙන් නලියනවා

නොදරුවෙකු අතින් බොඳවුන
සිතුවමක් ලෙසින් සුන්දර
පාට රෑනකින් දස අත
රටා වියනවා

කිරිවැදී නටන ගොයමට
මීදුමින් වැටී පිණිකැට
රන්දමක් ලෙසින් ගෙල වට
රනින් දිලෙනවා

හෙටක් ගැන යමක් නොදකින
හෙටක් තිබේ දැයි නොසිතන
කෙනෙක් මධුවිතක් තොල් අග
තවරගන්නවා

වළා අතුල සිරියහනේ
උණුසුම් හිරු කෙඳි පොරවා
ඉන්ද්‍රචාප කුමාරයා
නිදා වැටෙනවා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Wala Athula Siri Yahane Song Lyrics - වළා අතුල සිරියහනේ ගීතයේ පද පෙළ Wala Athula Siri Yahane Song Lyrics - වළා අතුල සිරියහනේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 26, 2021 Rating: 5

0 comments:

Post a Comment