Viduli Mini Pahan Song Lyrics - විදුලි මිණි පහන් ගීතයේ පද පෙළ

Viduli Mini Pahan Song Lyrics - විදුලි මිණි පහන් ගීතයේ පද පෙළ
Song Title : Viduli Mini Pahan (විදුලි මිණි පහන්)
ගායනය : ගුණදාස කපුගේ
ගී පද : ලූෂන් බුලත්සිංහල.
සංගීතය : ගුණදාස කපුගේ


විදුලි මිණි පහන් දැවී
බොළඳ ගී සිනා රැළී
නිලංකාර අදුරේ සිරවී සැඳෑ සාදයේ
කුරා කුහුඹු මිනිසා වෙමි මා
ඔබේ මන්දිරේ
කුරා කුහුඹු මිනිසා වෙමි මා
ඔබේ මන්දිරේ

එන්න කන්න බොන්න මිහිරේ
සැමටයි ආරාධනා
ඔබේ හඬ කිදී සිදී යයි
කතා සරිත් සාගරේ
ඔබේ හඬ කිදී සිදී යයි
කතා සරිත් සාගරේ

සුරාගෙන පිරූ විතේ
විසුළු කෙලි නැටුම් සිනා
යොමා ඇස බලන් යළි සොඳුරේ
මැදුරු දොර දිහා

දෙන්න කන්න බොන්න නොකියා
දෙනෙතින් ආරාධනා
දෑත පා ඉඳුල් යදී ඇස්
ගයා හංස ගීතිකා
දෑත පා ඉඳුල් යදී ඇස්
ගයා හංස ගීතිකා

ඔබේ මන්දිරෙන් එහා
මගේ ලොව බලා සිටී
පළා යයි ඔබේ ලොවෙන් මා
දෙපා සමු නොදී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Viduli Mini Pahan Song Lyrics - විදුලි මිණි පහන් ගීතයේ පද පෙළ Viduli Mini Pahan Song Lyrics - විදුලි මිණි පහන් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 12, 2021 Rating: 5

0 comments:

Post a Comment