Tharu Mal Yayama Song Lyrics - තරු මල් යායම ගීතයේ පද පෙළ

Tharu Mal Yayama Song Lyrics - තරු මල් යායම ගීතයේ පද පෙළ
Song Title : Tharu Mal Yayama (තරු මල් යායම)
ගායනය : ගුණදාස කපුගේ
සංගිතය : ගුණදාස කපුගේ
ගී පද : ලූෂන් බුලත්සිංහල


තරු මල් යායම
පොඩිකර අහස් විලේ
ඉර හඳ මිරිකා
දියකර සාගරයේ
අඳුරේ උන්නෙමි ලොවම එපා වී
මා හැරදා ඈ ගිය දවසේ
මා හැරදා ඈ ගිය දවසේ

දුක පැවසූවෙමි අසනා කෙනෙක් නැතී
පාළු නැසූවෙමි තනියට කෙනෙක් නැතී
තැවුනේ දැවුනේ පිරිසිදු සිතකින්
එකම ළඳක් වෙත පෙම් කල උමතුවෙනි

තරු මල් යායම
පොඩිකර අහස් විලේ
ඉර හඳ මිරිකා
දියකර සාගරයේ
අඳුරේ උන්නෙමි ලොවම එපා වී
මා හැරදා ඈ ගිය දවසේ
මා හැරදා ඈ ගිය දවසේ

නුවර උයන් මැද හමුවූ ළඳුන් නැතී
යටැසින් බැලු නෙත් රහසින් කතා නැතී
තැවුනේ දැවුනේ පිරිසිදු සිතකින්
එකම ළඳක් වෙත පෙම් කල නිසාවෙනි

තරු මල් යායම
පොඩිකර අහස් විලේ
ඉර හඳ මිරිකා
දියකර සාගරයේ
අඳුරේ උන්නෙමි ලොවම එපා වී
මා හැරදා ඈ ගිය දවසේ
මා හැරදා ඈ ගිය දවසේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Tharu Mal Yayama Song Lyrics - තරු මල් යායම ගීතයේ පද පෙළ Tharu Mal Yayama Song Lyrics - තරු මල් යායම ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 12, 2021 Rating: 5

0 comments:

Post a Comment