Sodura Nuba Lihiniyaki Song Lyrics - සොඳුර නුඹ ලිහිණියකි ගීතයේ පද පෙළ

Sodura Nuba Lihiniyaki Song Lyrics - සොඳුර නුඹ ලිහිණියකි ගීතයේ පද පෙළ
Song Title : Sodura Nuba Lihiniyaki (සොඳුර නුඹ ලිහිණියකි)
ගායනය : ගුණදාස කපුගේ
පද රචනය : රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය : ගුණදාස කපුගේ


සොඳුර නුඹ ලිහිණියක රැයේ අඳුරට හඬන
මමද ලිහිණියෙකු වෙමි කැඩුනු තටු පිරි මදින

අහිංසක අප දෙදෙනෙ තටු කඩා මේ ලෙසින
සිදීගිය ගඟ දෑල හැර දැ‍මූවේ කව්ද
සඳට ‍දොස් නොකියන්න සඳ කුමක් කරන්නද
බාල වයසින් මැරුණ ප්‍රේමයකි තරු එළිය
සොඳුර නුඹ ලිහිණියක රැයේ අඳුරට හඬන
මමද ලිහිණියෙකු වෙමි කැඩුනු තටු පිරි මදින //‍

කටුක දුක් විරහ මැද අතරමං වී ගියද
අපි තවම පෙම් කරමු අපේ ජීවිත වලට
කියාදෙනු පියඹන්ට අපි අපේ පැටවුන්ට
නිදහසේ තටු ලැබුණ කුරුල්ලන් වී දිනෙක

සොඳුර නුඹ ලිහිණියක රැයේ අඳුරට හඬන
මමද ලිහිණියෙකු වෙමි කැඩුනු තටු පිරි මදින //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sodura Nuba Lihiniyaki Song Lyrics - සොඳුර නුඹ ලිහිණියකි ගීතයේ පද පෙළ Sodura Nuba Lihiniyaki Song Lyrics - සොඳුර නුඹ ලිහිණියකි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 12, 2021 Rating: 5

0 comments:

Post a Comment