Sudu Sela Dawata Song Lyrics - සුදු සේල දවටා ගීතයේ පද පෙළ

Sudu Sela Dawata Song Lyrics - සුදු සේල දවටා ගීතයේ පද පෙළ
Song Title : Sudu Sela Dawata (සුදු සේල දවටා)
ගායනය : චන්ද්‍රලේඛා පෙරේරා
පද රචනය : සරත් සී. ෆොන්සේකා
තනුව හා සංගීතය : රූකාන්ත ගුණතිලක


සුදු සේල දවටා මුතු මාල පළඳා
සරණේ බැ‍ඳෙනා පිංබර මනමාලියේ
සුභ සිහින ඉටුවී පෙම් කිරුළ දිනුවේ
පිළිගන්න මාගේ සුභ ප්‍රාර්ථනා//

පෙරදාක මාගේ හද මන්දිරේ
සිටියා ඔබේ පෙම්වතා //
දෛවේ සිනාසිලා හඬවාලා මා
උදුරා දමා වෙන් කළා

සුදු සේල දවටා මුතු මාල පළඳා
සරණේ බැ‍ඳෙනා පිංබර මනමාලියේ
සුභ සිහින ඉටුවී පෙම් කිරුළ දිනුවේ
පිළිගන්න මාගේ සුභ ප්‍රාර්ථනා//

දෑසේ මගේ මේ කඳුළැල් මකා
දෙතොලේ සිනා කැන්දලා //
ගයමි මෙසේ ගීත ජය මංගලම්
ජය මංගලම් සෑමදා

සුදු සේල දවටා මුතු මාල පළඳා
සරණේ බැ‍ඳෙනා පිංබර මනමාලියේ
සුභ සිහින ඉටුවී පෙම් කිරුළ දිනුවේ
පිළිගන්න මාගේ සුභ ප්‍රාර්ථනා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sudu Sela Dawata Song Lyrics - සුදු සේල දවටා ගීතයේ පද පෙළ Sudu Sela Dawata Song Lyrics - සුදු සේල දවටා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 28, 2021 Rating: 5

0 comments:

Post a Comment