Your Choice Way

Lagin Mage Oba Sathapa Song Lyrics - ළඟින් මගේ ඔබ සතපා ගීතයේ පද පෙළ

Lagin Mage Oba Sathapa Song Lyrics - ළඟින් මගේ ඔබ සතපා ගීතයේ පද පෙළ
Song Title : Lagin Mage Oba Sathapa (ළඟින් මගේ ඔබ සතපා)
ගායනය : චන්ද්‍රලේඛා පෙරේරා
සුසංවාදය : රූකාන්ත ගුණතිලක
පද රචනය : නන්දන වික්‍රමගේ
නාද රටා සංගීත සංයෝජනය : රූකාන්ත ගුණතිලක


ළඟින් මගේ ඔබ සතපා
හදින් මගේ කතා කළා
හදට ඔබේ නොදැණුනාද
මගේ ආදරේ
මගේ ආදරේ //

ඇවිත් වගේ අඳුරු වලා
ඔබ ළඟ නෑ දුරස් වෙලා
පෙම් කළ හද වෙනස් වෙලා
මක් උනාද මේ
නැතුව ආදරේ
ඔබේ ආදරේ

ළඟින් මගේ ඔබ සතපා
හදින් මගේ කතා කළා

මගේ හදින් දුරස් වන්න
අන් හදකට පෙම් කරන්න
හදට ඔබේ හැකි උනාද
නැතුව ආදරේ
මගේ ආදරේ
මගේ ආදරේ

ළඟින් මගේ ඔබ සතපා
හදින් මගේ කතා කළා

අඳුරු වලාකුළක් වගේ
අඳුරුයි දැන් සිතද මගේ

අඳුරු වලාකුළක් වගේ
අඳුරුයි දැන් සිතද මගේ
මගේ කඳුළු පිසලන්නට
නොහැකි වේද ඔබේ සිතට
පුදා ආදරේ
මගේ ආදරේ

අළුත් පෙමින් විඩා වෙලා
ආවෝතින් මාව සොයා
අතීතයට සමුදීලා
පිළිගන්නට හිඳියි බලා
මගේ ආදරේ
මගේ ආදරේ

ළඟින් මගේ ඔබ සතපා
හදින් මගේ කතා කළා
හදට ඔබේ නොදැණුනාද
මගේ ආදරේ
මගේ ආදරේ
හදට ඔබේ නොදැණුනාද
මගේ ආදරේ
මගේ ආදරේ
මගේ ආදරේ
මගේ ආදරේ
මගේ ආදරේ
ඔබ නැද්ද ආදරේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Lagin Mage Oba Sathapa Song Lyrics - ළඟින් මගේ ඔබ සතපා ගීතයේ පද පෙළ Lagin Mage Oba Sathapa Song Lyrics - ළඟින් මගේ ඔබ සතපා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Tuesday, December 28, 2021 Rating: 5

0 comments:

Post a Comment