තම්බපු එළවළු හදමු (Steamed Vegetables) 🥗 👌

තම්බපු එළවළු හදමු (Steamed Vegetables) 🥗 👌 - Your Choice Way

මෙයෝනිස් සෝස් රසට 🔴 👉 👉 🔴 Steam කරන්න පුළුවන් ඕනෑම එළවළු වර්ගයක් ගන්න.මට අද තිබුණෙ මේ ටික විතරයි.අනික හරිම කාර්‍ය බහුල දවසක්. මම බඩගින්නෙ හිටියත් ඔය ෂෝටීස් වගේ ජරාව කඩෙන් අරන් කන්නෙ නැහැනේ. ඉතින් ඉක්මනට හදා ගත්තා.

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • කැමති එළවලු ටිකක්

✅ සාදා ගන්නා ආකාරය :

  1. ♦️ මුලින්ම අපි එළවළු ටික හොඳින් සෝදා ගන්න ඕන.වතුර බේසමක් අරන් ඒකට බේකින් සෝඩා පොඩ්ඩක් එකතු කරල එළවළු ටික හොඳින් සෝදා ගන්න.කැරට් ටිකත් හොඳට පස් ඉවත් කරල සෝදාන්න.(කැරට් වල පිට පොත්ත සූරල අයින් කරල සෝදන්න)
  2. ♦️ දෙවනුව ගෝවා කොල ටික ගලවල අරන් බේකින් සෝඩා දැමූ වතුරෙන් සෝදල ගන්න. අවසානව සලාද කොල ටිකත් සෝදල ගන්න.🔴🔴 ඇයිද දන්නවාද මේ බේකින් සෝඩා (ආප්ප සෝඩා) දැමූ වතුරෙන් එළවළු සෝදල අර ගන්නෙ.එතකොට එළවළු වලට ගහල තියන විෂ රසායනික දේවල් විනාශ වෙලා යනව. අන්න එකයි.
  3. ♦️ වට්ටක්කා පොඩි කෑලි වලට කපා ගන්න. බෝංචි වල දෙපැත්ත කඩල නූල වගේ එක අයින් කරන්න.
  4. ♦️ දැන් එළවළු ටික කැමති හැඩයකට කපා ගෙන හුමාලයෙන් තබ්බා ගන්න.මම නම් රයිස් කුකර් එකේ තම්බ ගත්තෙ. ගෝවා අන්තිමට අනිත් එළවළු එක්කම දාන්න එපා. අනිත් ඒවා තැම්බුනාට පසු දාන්න.
  5. ♦️ තැම්බුනාට පසු උඩින් ගම්මිරිස් පොඩ්ඩක් සහ ලුණු බොහොම ස්වල්පයක් ඉසින්න. Steamed කරල වගේම Boiled කරල ගන්නත් පුළුවන්.හරිම ලේසියි පහසුයි.
♦️ මම නම් මේ Steam vegetable එකට ඉක්මනට Meyonnaise Sauce එකක් හදා ගත්ත. මෙයෝනිස් සෝස් එකත් එක්ක කනකොට හරි රසයි.ඒ වගේම ගුණදායකයි.

♦️ඉතින් ආයෙ දවසක මේ වගේ තවත් රසම රස රෙසිපි එකකින් හමුවෙමු. ඔයාල සියළුම දෙනාට නිදුක් නීරෝගී සුවයෙන් සැමකල් ජීවත් වීමට වාසනාව ලැබේවා කියල වෙනද වගේම අදත් හදවතින්ම ආශිර්වාද කරනවා. 
උතුම් තෙරුවන් සරණයි සියළුම දෙනාට ☸ 

✍️ ගයාන් විදාන පතිරණ 
Lecturer in Management & English Language CA, IELTS Examiner, Ex-Banker, JP (All Island)

තම්බපු එළවළු හදමු (Steamed Vegetables) 🥗 👌 - Your Choice Way

තම්බපු එළවළු හදමු (Steamed Vegetables) 🥗 👌 - Your Choice Way

තම්බපු එළවළු හදමු (Steamed Vegetables) 🥗 👌 - Your Choice Way

තම්බපු එළවළු හදමු (Steamed Vegetables) 🥗 👌 - Your Choice Way

තම්බපු එළවළු හදමු (Steamed Vegetables) 🥗 👌 - Your Choice Way

තම්බපු එළවළු හදමු (Steamed Vegetables) 🥗 👌 - Your Choice Way
👇 ඒ වගේම මේ තියෙන්නෙ මගේ Page එක.මේක English Language Page එකක්. ඉංග්‍රීසි ඉගෙන ගන්න කැමති අය ඉන්නවානම් Like එකක් දාල Join වෙන්න කියල ආරාධනා කරනවා.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
තම්බපු එළවළු හදමු (Steamed Vegetables) 🥗 👌 තම්බපු එළවළු හදමු (Steamed Vegetables) 🥗 👌 Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 03, 2021 Rating: 5

0 comments:

Post a Comment