Ran Samanalayin Song Lyrics - රන් සමනලයින් ගීතයේ පද පෙළ

Ran Samanalayin Song Lyrics - රන් සමනලයින් ගීතයේ පද පෙළ
Song Title : Ran Samanalayin (රන් සමනලයින්)
ගායනය : ක්ලැරන්ස් විජේවර්ධන
පද : ක්ලැරන්ස් විජේවර්ධන
තනුව : ක්ලැරන්ස් විජේවර්ධන


රන් සමනලයින්
ඉගිලෙනු දැක මට
ඇගෙ නෙත් පියලිය සිහිවෙනවා
රන් සුරපුරකට
මා කැඳවන්නට
රම්‍යා ගැන සිතුවිලි එනවා

පොත් මිටියක් ගෙන ළමැද තබා
කෙටි පියවර මැන තනිව මඟේ
පාසල වෙත යන ගමන ඇගේ
මතකින් නොමැකී තවම තිබේ

රන් සමනලයින්
ඉගිලෙනු දැක මට
ඇගෙ නෙත් පියලිය සිහිවෙනවා
රන් සුරපුරකට
මා කැඳවන්නට
රම්‍යා ගැන සිතුවිලි එනවා

සිතුවිලි පොදි බැඳ මහද රැඳී
සෙනෙහස් ගඟුලේ සිටිය බැඳී
මගෙ සෙවණට කවදද එන්නේ
රම්‍යා ඔබ මට සිහිවෙන්නේ

රන් සමනලයින්
ඉගිලෙනු දැක මට
ඇගෙ නෙත් පියලිය සිහිවෙනවා
රන් සුරපුරකට
මා කැඳවන්නට
රම්‍යා ගැන සිතුවිලි එනවා
එනවා
එනවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ran Samanalayin Song Lyrics - රන් සමනලයින් ගීතයේ පද පෙළ Ran Samanalayin Song Lyrics - රන් සමනලයින් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 03, 2021 Rating: 5

0 comments:

Post a Comment