Sanda Tharu Mal Song Lyrics - සඳ තරු මල් ගීතයේ පද පෙළ

Sanda Tharu Mal Song Lyrics - සඳ තරු මල් ගීතයේ පද පෙළ
Song Title : Sanda Tharu Mal (සඳ තරු මල්)
ගායනය : සමිතා මුදුන්කොටුව සමඟින් අතුල අධිකාරී
පද රචනය : රඹුකන සිද්ධාර්ත හිමි
සංගීතය : රෝහණ වීරසිංහ


සඳ තරු මල් මට දන් දුන්
මගේ..රුසිරු නුඹ අරගන්
හිරු තෙද වන් මට දන් දුන්
මගේ..ඔටුනු නුඹ ලාගන්

දයාද එයයි මගෙ දෝණිට
අප දෙන්නාගේ

ගණ දෙවිදුන් මට දන්දුන්
මගේ නුවණ නුඹ අරගන්
පතිණි මවුන් මට රැකදුන්
පතිණි බලය නුඹ අරගන්

දයාද එයයි මගෙ දෝණිට
අප දෙන්නාගේ

සඳ තරු මල් මට දන් දුන්
මගේ..රුසිරු නුඹ අරගන්
හිරු තෙද වන් මට දන් දුන්
මගේ..ඔටුනු නුඹ ලාගන්

ඇල දොල ගං මට දන්දුන්
හදේ සිසිල නුඹ අරගන්
මහ වන විල් මට දන් දුන්
හිතේ සිසිල නුඹ අරගන්

දයාද එයයි මගෙ දෝණිට
අප දෙන්නාගේ

සඳ තරු මල් මට දන් දුන්
මගේ..රුසිරු නුඹ අරගන්
හිරු තෙද වන් මට දන් දුන්
මගේ..ඔටුනු නුඹ ලාගන්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sanda Tharu Mal Song Lyrics - සඳ තරු මල් ගීතයේ පද පෙළ Sanda Tharu Mal Song Lyrics - සඳ තරු මල් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 09, 2021 Rating: 5

0 comments:

Post a Comment