Sadasavi Song Lyrics - සදසාවී ගීතයේ පද පෙළ

Sadasavi Song Lyrics - සදසාවී ගීතයේ පද පෙළ
Song Title : Sadasavi (සදසාවී)
Artist : Amal Prasad 
Rap Artist : MKZ NEO
Production : Roo Nada Films
Producer : Fewarast Rathnayaka
Director and Script : Gimhan Mudunkotuwa
Music : Tharindu Bandara(TB Recordz)
Lyrics : Gimhan Mudunkotuwa
Rap Lyrics : Avishka Rajapaksha
Background Voice : Ishan Gamaarachchi
Dop , Editor & Colourist : Thiwanka Mihiran
Lighting : Amila Dissanayake
Makeup : Sandaruwan Amarasinghe
Drone Oparator : Devinda Perera
Costume Desingner : Anushka Dilhan
Art : Manumith Thotaliyanage / Ishara Gimhan
Crew : Samith Lakmal / Saliya Anuruddhika / Tharindu Lakmal / Thiwanka sandakelum / Ishara Gimhan
Artwork : Thush Favorite


සදසාවී නෙතු කඳුලින් 
බැස යාවී කොපුල් අතරින්
නුඹ මා දවයි නෙතින් (නිතින්)
හිරු පීදෙනා සැනින් 
සැනසීම ඇති දුරකින්
වෙන්වීම මට තහනම්
හැම රෑම හීන ගානින්
ලග පාත ඉන්නවනම් 

හිත ගාව හීන මිට පුරවා
නෙතු තාම ඈත මග බලනා
නුඹ ආයෙ නේන හීනේ
හැම රෑම මං අලුතින් ලිවුවා

සායමෙන් පාට ගෑ
සෙනෙහසින් සුවඳ දී 
කටුගොහොල් පිරි දියේ
මීදුමෙන් ගුලි වෙවී
සුපිපුනාලු මතකයිදෝ ආදරේ

හිත ගාව හීන මිට පුරවා
නෙතු තාම ඈත මග බලනා
නුඹ ආයෙ නේන හීනේ
හැම රෑම මං අලුතින් ලිවුවා

ජිවිතෙ කටුකයිලු හැමදාමත් හීන 
බලාගෙන ගෙවන්නද අයිති නැති දේම 
පහන් වෙන්නෙ රැය රළු හුස්මකින් පිරෙන 
කතාකරයි කඳුලු වලින් මගෙ හීන
ජීවත්වෙන්නැති අපි ආදරෙන් හිත් වලින්
සිතුවිලි බොලදයි ලිව් කතාව මගෙද කෙටි
වෙනස් අපෙ සිතුවිලි හැගුම් පොදි බැද ඇති
සිත්තරෙක් වෙන්නැති වර්ණ හිමි නැතුවැති
ගැලපුනෙ නෑ අපෙ සිතුවිලි හිත්වල
ඔය දෑත ගැලපුවත් මම කරගැට අත්වල
දෙතැනක ඉමු බැමි බැදන් අපෙ හිත්වල
සඳ හිමි උනේ එ හිමි තරු පොකුරට 

හාදකම් ආයෙ නෑ
ආදරෙන් දැවි දැවී
සීත සන්ධ්‍යා ඉමේ
පාලුවට හුරු වෙවී 
පරවුනාලු මතකයිදෝ ආදරේ 

හිත ගාව හීන මිට පුරවා
නෙතු තාම ඈත මග බලනා 
නුඹ ආයෙ නේන හීනේ 
හැම රෑම මං අලුතින් ලිවුවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sadasavi Song Lyrics - සදසාවී ගීතයේ පද පෙළ Sadasavi Song Lyrics - සදසාවී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 02, 2021 Rating: 5

0 comments:

Post a Comment