Podi Gamanak Yanawa Song Lyrics - පොඩි ගමනක් යනවා ගීතයේ පද පෙළ

Podi Gamanak Yanawa Song Lyrics - පොඩි ගමනක් යනවා ගීතයේ පද පෙළ
Song Title : Podi Gamanak Yanawa (පොඩි ගමනක් යනවා)
ගායනය : කීර්ති පැස්කුවල්
පද : උපාලි අත්තනායක
තනුව : ලෝරන්ස් ප්‍රනාන්දු


සිතුම් පැතුම් පොදි බැඳගෙන
අතින් කටින් තව ඩැහැගෙන
උපන් දා පටන් අපි පොඩි ගමනක් යනවා
වටින් පිටින් තව තව ගෙන
කදමලු තව පුරවා ගෙන
හති හළ හළ කඳු පල්ලම් දිගේ ඇදෙනවා

දෙපා වාරු නැතිවෙන දින
බර උසුලනු බැරිවෙන තැන
දුක හිතුනත් සමහර දේ ඉවත හෙළනවා
සළු පිළි අභරණ ද වටින
පණ මෙන්සුරකින යහ ගුණ
සමහරවිට අප නොදැනම ඉබේ ඇදෙනවා

පොඩි ගමනක් යනවා
ගමන මඟ නවතිනවා //

අණ වින කරනා අය දැන දැන බැණ හෝ කරබාගෙන
යන අතරේ හැකිනම් කොඩිවින ද කරනවා
බැරි තැන ඉවසා කර දෙන අතරේ අප කල දුටු තැන
කරට නැ‍ඟී පුළුවන් නම් කරක් ගහනවා

කැරකෙන රෝදය දුක සැප නින්දා පැසසුම් විඳ විඳ
දිවා රැයේ කඳු පල්ලම් දිගේ ඇදෙනවා
කඩඇණ දෙක ගැලවුණු දින රෝදය පට්ටම සමගින
ගැලවී දිවි තවලම පල්ලටම වැටෙනවා

පොඩි ගමනක් යනවා
ගමන මඟ නවතිනවා ////

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Podi Gamanak Yanawa Song Lyrics - පොඩි ගමනක් යනවා ගීතයේ පද පෙළ Podi Gamanak Yanawa Song Lyrics - පොඩි ගමනක් යනවා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 27, 2021 Rating: 5

0 comments:

Post a Comment