පෑන් කේක් හදමු (Pancakes) - Your Choice Way

පෑන් කේක් හදමු (Pancakes) - Your Choice Way

අද මම ☕ වෙලාවට කන්න රස කැමක් හැදුවා .  පැන්කේක් . මම කලින් රෙසිපි එක දැම්මා වගේම ගොඩාක් අය හදන්න දන්නවා . එවුනාට මම හදපු විදිහ දාන්නම් කෝ. මෙහෙමයි හැදුවේ .

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • පාන් පිටි  200g
  • උකු පොල්කිරි කප් 1 1/2
  • බිත්තර 1   (කැමති නම් පමණක් )
  • ලුනු තේ හැඳි 1/2
  • කහ කුඩු තේ හැඳි 1/4

✅ සාදා ගන්නා ආකාරය :

  1. භාජනයකට  පාන් පිටි , ලුණු , කහ කුඩු  දමා මිශ්‍ර කර බිත්තර 1 එකතු කර හොඳින් මිශ්‍ර කරන්න.
  2. පසුව  උකු පොල්කිරි  ටික ටික එකතු කරමින් හොදින් කලවම් කරන්න . කැටි ගැහෙන්න දෙන්න එපා.
  3. පසුව පියනකින් වසා විනාඩි 10 තබන්න . 

එම වේලාව අතරතුර පොල් පැණි සාදා ගන්න . 

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • පොල් බැයක පොල් 
  • සීනි 100g
  • ලුණු තේ හැඳි 1 /4
  • කරදමුoගු ඇට 4ක කුඩු  (නැත්නම් වැනිලා තේ හැඳි 1)

✅ සාදා ගන්නා ආකාරය :

  1. පලමුව සීනි මේස හැදි 3 දමා කැරමල් කරන්න . එයට උතුරන වතුර මේස හැදි 3 දමා මිශ්‍ර කර ඉතිරි සීනි ටික දමා තව උණු වතුර මේස හැදි 5ක් පමණ දමා සීනි උණු වු විට ලුණු සහ කරදමුoගු කුඩු දමා මිශ්‍ර කර පොල් එකතු කර කලවම් කරන්න . ටික වේලාවකින් තෙත ගතිය නැති වු විට ලිපෙන් ඉවතට ගෙන වෙන භාජනයකට දාන්න නිවෙන්න .
  2. විනාඩි 10 ට පසු පැන්කේක් මිශ්‍රණය කලවම් කර උකු ගතිය වැඩි නම් ඉතිරි කරගත් පොල් කිරි දමා ටිකක් දියාරු බැටර් එකක් සාදා ගන්න. 
  3. නන් ස්ටික් pan එකක් ලිප තබා රත් වනවිට මාජරීන් ගා බැටර් එකෙන් ටිකක් ලොකු බොකුටු හැන්දකින් 1 දමා  පසුව ටික වේලාවක් තබා අනිත් පැත්ත දමන්න . 
  4. තවත් ටික වේලාවකින් ඉවත් කර පිගානකට දමා පැණි පොල් මිශ්‍රණයෙන් ටිකක් තබා රෝල් කරන්න . 
හදලා බලන්න කෝ.Dhammika Panangala (ධම්මිකා පනංගල)
පෑන් කේක් හදමු (Pancakes) - Your Choice Way

පෑන් කේක් හදමු (Pancakes) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
පෑන් කේක් හදමු (Pancakes) - Your Choice Way පෑන් කේක් හදමු (Pancakes) - Your Choice Way Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 11, 2021 Rating: 5

0 comments:

Post a Comment