Nelum Vile Nelum Song Lyrics - නෙලුම් විලේ නෙලුම් ගීතයේ පද පෙළ

Nelum Vile Nelum Song Lyrics - නෙලුම් විලේ නෙලුම් ගීතයේ පද පෙළ
Song Title : Nelum Vile Nelum (නෙලුම් විලේ නෙලුම්)
ගායනය : ධනපාල උඩවත්ත


නෙලුම් විලේ නෙලුම් නෙලන නෙලුම් කුමරියේ
නෙලුම් විලට රුව කැන්දන මල් ගෝමරියේ
නෙතඟ බැලුම් හෙලා සිහින් සිනා සලා
මට ආදර බහක් දෙන්න මගෙ සුරතලියේ
මට ආදර බහක් දෙන්න මගෙ සුරතලියේ

ඔරුවේ නැගී ගඟේ ගිහින් කෙකටිය කඩලා
ඉරටු පොටක ඉඳුණු කිරල වැලක් අමුණලා
මං ඔයාට අරගෙන ආවා
කරබාගෙන ඉන්නේ මොකද හිනාවෙන්නකෝ
කරබාගෙන ඉන්නේ මොකද හිනාවෙන්නකෝ

නෙලුම් විලේ නෙලුම් නෙලන නෙලුම් කුමරියේ
නෙලුම් විලට රුව කැන්දන මල් ගෝමරියේ
නෙතඟ බැලුම් හෙලා සිහින් සිනා සලා
මට ආදර බහක් දෙන්න මගෙ සුරතලියේ
මට ආදර බහක් දෙන්න මගෙ සුරතලියේ

කන්දෙ ගෙදර සිරිමලියත් දීග ගියානේ
මන්ද ඔයා මේ ගැන මට බහක් නොදෙන්නේ
දිවා රැයේ සිත ලතවෙනවා
හේනේ කුඹුරේ වැඩපල ටික අතපසු වෙනවා
හේනේ කුඹුරේ වැඩපල ටික අතපසු වෙනවා

නෙලුම් විලේ නෙලුම් නෙලන නෙලුම් කුමරියේ
නෙලුම් විලට රුව කැන්දන මල් ගෝමරියේ
නෙතඟ බැලුම් හෙලා සිහින් සිනා සලා
මට ආදර බහක් දෙන්න මගෙ සුරතලියේ
මට ආදර බහක් දෙන්න මගෙ සුරතලියේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Nelum Vile Nelum Song Lyrics - නෙලුම් විලේ නෙලුම් ගීතයේ පද පෙළ Nelum Vile Nelum Song Lyrics - නෙලුම් විලේ නෙලුම් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 31, 2021 Rating: 5

0 comments:

Post a Comment