ටයිටැනික් සහ තවත් නැව් දෙකක අනතුරු වලින් දිවි ගලවා ගත් කාන්තාව (Miss Unsinkable)

ටයිටැනික් සහ තවත් නැව් දෙකක අනතුරු වලින් දිවි ගලවා ගත් කාන්තාව (Miss Unsinkable) - Your Choice Way

ඔබේ දැක්මට අනුව වයලට් ජෙසොප් යනු මෙතෙක් ජීවත් වූ වාසනාවන්තම හෝ අවාසනාවන්තම කාන්තාව විය හැක.  කෙසේ හෝ වේවා, ඔබ කියවා ඇති වඩාත්ම සිත්ගන්නාසුලු කතාවක් ඇය සතුව ඇති බව නම් නොරහසකි.

ජෙසොප් 1908 දී තම වයස අවුරුදු 21 දී ඔරිනෝකෝ නෞකාවෙන් සිය වෘත්තිය දිවිය ආරම්භ කළේ නැවේ මගීන්ගේ සේවිකාවක් ලෙසය. ඉන් පසු ඇය වයිට් ස්ටාර් ලයින් සමාගම සමඟ තම වෘත්තීය දිවිය ආරම්භ කළේ 1910 දී සමාගම විසින් නිර්මාණය කරන ලද ඔලිම්පික් පන්තියේ යාත්‍රා තුනෙන් එකක් වන එච්.එම්.එස් ඔලිම්පික් නෞකාවෙනි.

වසරකට පසුව, ජෙසොප් එම නැවෙහි වැඩ කරමින් සිටියදී, එය බ්‍රිතාන්‍ය යුද නෞකාවක් වන එච්.එම්.එස් හෝක් සමඟ පටු සමුද්‍ර සන්ධියක් පසුකරමින් සිටියදී එකට ගැටුනි. මෙම ගැටීමෙන් යාත්‍රා දෙකටම හානි සිදුවුවද, මාරාන්තික අනතුරක් සිදු නොවීය.

ඔලිම්පික් අලුත්වැඩියා කරමින් සිටියදී වයලට් තවත් වයිට් ස්ටාර් ලයින් නෞකාවක සේවයට එක්වන ලදී. ඔලිම්පික් නෞකාවේ සහෝදර නෞකාවක් වූ එය හැඳින්වූයේ ටයිටැනික් ලෙසය. ඉතින් එම නෞකාවට සිදු වූ දේ ඔබ හොදින්ම දන්නා බව දන්නා නිසා ඒ පිළිබද වැඩි විස්තර පැවසීමට නොයන්නෙමු. නමුත් ජීවිතාරක්ෂක බෝට්ටුවක් සොයා ගැනීමට හැකි වූ නිසා ඇය එයිනුත් දිවි ගලවා ගැනීමට සමත් විය.

මෙම මුහුදු අනතුරු දෙක නිසා කෙටි කලක් අධෛරමත්ව සිටි ජෙසොප්, පළමුවන ලෝක සංග්‍රාමයේදී එච්.එම්.එච්.එස් බ්‍රිටැනික් නෞකාවේ රතු කුරුස භාරකාරිනියක් ලෙස සේවය කළාය. එම නෞකාව රෝහල් නැවක් බවට පරිවර්තනය කර තුවාල ලැබූ සොල්දාදුවන් එක්සත් රාජධානියට ප්‍රවාහනය කරමින් සිටියදී ඒජියන් මුහුදේ ජර්මානු ප්‍රහාරයකින් ගිලී ගියේය.

කෙසේ හෝ ජීවිතාරක්ෂක බෝට්ටුවකින් ගිලෙන නෞකාවෙන් පැන ගොස් එයිනුත් දිවි ගලවා ගැනීමට ඇය සමත් විය. මේ නිසා මහත් ප්‍රසිද්ධියට පත් වූ ඇයව "ගිල්විය නොහැකි මෙනවිය" (Miss Unsinkable) ලෙසද එකල හදුන්වන ලදී. ඉතින් ඔබ සිතනා පරිදි ඇය මෙලොව ජීවත් වූ වාසනාවන්තම කාන්තාවද? එසේත් නැතහොත් ඇය ගමන් ගත් මේ නෞකා ගිලී යාම නිසා ඇය මෙලොව ජීවත් වූ අවාසනාවන්තම කාන්තාව ද?

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ටයිටැනික් සහ තවත් නැව් දෙකක අනතුරු වලින් දිවි ගලවා ගත් කාන්තාව (Miss Unsinkable) ටයිටැනික් සහ තවත් නැව් දෙකක අනතුරු වලින් දිවි ගලවා ගත් කාන්තාව (Miss Unsinkable) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 29, 2021 Rating: 5

0 comments:

Post a Comment