Me Sinhala Apage Ratayi Song Lyrics - මේ සිංහල අපගෙ රටයි ගීතයේ පද පෙළ

Me Sinhala Apage Ratayi Song Lyrics - මේ සිංහල අපගෙ රටයි ගීතයේ පද පෙළ
Song Title : Me Sinhala Apage Ratayi (මේ සිංහල අපගෙ රටයි)
ගායනය : නන්දා මාලිනී
පද රචනය : මහගම සේකර
තනුව : පණ්ඩිත් ඩබ්. ඩී. අමරදේව


මේ සිංහල අපගෙ රටයි
මේ සිංහල අපගෙ රටයි
අප ඉපදෙන මැරෙණ රටයි
අප හද පණ ගැහෙන රටයි
මුළු ලොව ඒ රටට යටයි

අහස සිඹින ගිරි කඳුරු (ම්. ම්. ම්. ම්.)
අහස සිඹින ගිරි කඳුරු
පොළව තෙමන වැව් සයුරු
මුහුද අවට බැඳි පවුරු
එරට අසිරි සිරි එයුරු

මවු බිම වෙනුවෙන් පොරණේ
දිවි දුන් විරු දරුවන්නේ
ලේ වලිනුයි ඒ දෙරණේ
මිණි කැට මුතු ඇට මැවුනේ

සමනොළ ගිරි වළලු බිමේ //
බුදු සිරිපා පිපෙන හිමේ
සම කරුණා ගුණ මහිමේ
අප උපතින් ලද උරුමේ

සමනොළ ගිරි වළලු බිමේ //
මුනි සිරිපා පිපෙන හිමේ
සම කරුණා ගුණ මහිමේ
අප උපතින් ලද උරුමේ

මේ සිංහල අපගෙ රටයි
අප ඉපදෙන මැරෙන රටයි
අප හද පණ ගැහෙන රටයි
මුළු ලොව ඒ රටට යටයි

1965 දී තිරගතවූ "සාරවිට" සිනමා කෘතියට නිර්මානයවූ ගීයකි.
මෙහි දක්වා ඇති පද වැල සිනමා කෘතියේ ගැයුණු අයුරිණි.
1966 පැවති 3 වෙනි සරසවිය සම්මාන උළෙලේදී හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම තිර නාටකය, හොඳම නළුවා, හොඳම කැමරා ශිල්පි, හොඳම සංස්කාරක, හොඳම කලා අධ්‍යක්ෂක, හොඳම ගීත රචක, හොඳම ගායිකාව සඳහා "සාරවිට" සිනමා කෘතියට සම්මාන හිමි විය.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Me Sinhala Apage Ratayi Song Lyrics - මේ සිංහල අපගෙ රටයි ගීතයේ පද පෙළ Me Sinhala Apage Ratayi Song Lyrics - මේ සිංහල අපගෙ රටයි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 12, 2021 Rating: 5

0 comments:

Post a Comment