Mama Monkey Hanumantha Song Lyrics - මම මන්කී හනුමන්තා ගීතයේ පද පෙළ

Mama Monkey Hanumantha Song Lyrics - මම මන්කී හනුමන්තා ගීතයේ පද පෙළ
Song Title : Mama Monkey Hanumantha (මම මන්කී හනුමන්තා)
ගායනය : ජය ශ්‍රී
ගී පද : රෝහිත ජයලත්   
සංගීතය : ජය ශ්‍රී


මම මන්කී හනුමන්තා
වඳුරන්ගේ මහදැන මුත්තා
දඬු මොණරේ නැගලා
අහසින් යන්නා
හොයියා හොයියා හෝ

මම මන්කී හනුමන්තා
නැට්ටෙන් වැඩකිඩ ගිණි දුන්නා
දඬුමොණරේ නැගලා
අහසින් යන්නා
හොයියා හොයියා හෝ

දඬුමොණරේ නැගලා
අහසින් යන්නා
හොයියා හොයියා හෝ

චාල්ස් ඩාවින්
කිව්වා බයිලා
ඔහෙලා අපෙන්
පැවතෙනවා කියලා
චෑ චෑ පට්ටම පල් බොරු ඔව්වා
වන සත්තු අපියි
නෑ විපත්ති කරලා

දියුණු උනට කරුමාන්තයෙන්
කැත කරනවා ඔහෙලා මාන්නයෙන්
විසකුරු ගිණි අවි බෝම්බයෙන්
විනාශ කරනවා අවියෙ බලෙන්

ඔහෙලගේ දිවි දික්කර ගන්නට
ගන්නවා අපේ දිවි අත්හදා බැලුමට
හිංසාවාදී දාන්නෙ බාල්දි
කවදා හරි ඔහෙලාට වදීවී

ඕං රීං කට්ටු කට්ටු
ඔහෙලගේ මොළ වල පිට්ටු පිට්ටු
මෙන්න දැම්මා අපි තට්ටු තට්ටු
වෙයි ළඟදිම හැම මට්ටු මට්ටු

ඕං රීං කට්ටු කට්ටු
ඔහෙලගේ මොළ වල පිට්ටු පිට්ටු
මෙන්න දැම්මා අපි තට්ටු තට්ටු
වෙයි ළඟදිම හැම මට්ටු මට්ටු

මම මංකී හනුමන්තා
චිම්පංසිස් මහදැන මුත්තා
දඬු මොණරේ නැගලා
අහසින් යන්නා
හොයියා හොයියා හෝ

මම මංකී හනුමන්තා
ගෝරිල්ලස් ඕල්සෝ ලොක්කා
දඬුමොණරෙන් නගලා
අහසින් යන්නා
හොයියා හොයියා හෝ

දඬුමොණරෙන් නගලා
අහසින් යන්නා
හොයියා හොයියා හෝ

ඉක්මන් ගමනට හැදුවා ඔහෙලා
වාහන කියලා තෙල් දා දුවනා
පුච්චා අරිනා දුම් පිට කරනා
සී ඕ ටූ මුළු ලොව නැති කරනා

හදන්න ඔහෙලගේ නිවාස ලී බඩු
කපනවා වටිනා කැළෑ ලෝ වටේ
නැතිකරමින් අපේ ජීවන ප්‍රදේශ
ගෙනනවා ලඟටම ලෝක අන්තිමේ

මෙහෙම ගියොත් අපි කාට කාට
ඕසෝන් හිලෙන් එන පාට පාට
රැස්වලින් පිච්චිලා මුළු සංහතියම
යයි මරු තුරුලට ගාට ගාට

මම මංකී හනුමන්තා
වඳුරන්ගේ මහදැන මුත්තා
දඬු මොණරේ නැගලා
අහසින් යන්නා
හොයියා හොයියා හෝ

මම මංකී හනුමන්තා
ගෝරිල්ලස් ඕල්සෝ ලොක්කා
දඬුමොණරෙන් නගලා
අහසින් යන්නා
හොයියා හොයියා හෝ

දඬුමොණරෙන් නගලා
අහසින් යන්නා
හොයියා හොයියා හෝ

ඕං රීං කට්ටු කට්ටු
ඔහෙලගේ මොළ වල පිට්ටු පිට්ටු
මෙන්න දැම්මා අපි තට්ටු තට්ටු
වෙයි ළඟදිම හැම මට්ටු මට්ටු

වැටෙනා හිරු එළියෙන්
හමනා තද සුළඟෙන්
ගළනා ජල බලයෙන්
ගන්නකෝ වැඩකිඩ හොඳහින්

වැටෙනා හිරු එළියෙන්
හමනා තද සුළඟෙන්
ගළනා ජල බලයෙන්
ගන්නකෝ වැඩකිඩ හොඳහින්

ඕං රීං

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mama Monkey Hanumantha Song Lyrics - මම මන්කී හනුමන්තා ගීතයේ පද පෙළ Mama Monkey Hanumantha Song Lyrics - මම මන්කී හනුමන්තා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 10, 2021 Rating: 5

0 comments:

Post a Comment