Maliniye Ma Lalaniye Song Lyrics - මාලිනියේ මා ලාලනියේ ගීතයේ පද පෙළ

Maliniye Ma Lalaniye Song Lyrics - මාලිනියේ මා ලාලනියේ ගීතයේ පද පෙළ
Song Title : Maliniye Ma Lalaniye (මාලිනියේ මා ලාලනියේ)
ගායනය : ක්ලැරන්ස් විජේවර්ධන
පද : ක්ලැරන්ස් විජේවර්ධන
තනුව : ක්ලැරන්ස් විජේවර්ධන


හිරු පිබිදෙන විට කඳුවැල් අතරින්
රැස් දහරක් වී ඔබ එන්නේ
නෙත් හරවා මම ඉවත බැලූ විට
මල් කැකුළක් වී හිනැහෙන්නේ
මාලිනියේ
මාලිනියේ
මාලිනියේ මා ලාලනියේ

ඔබගෙන් වෙන්වී තනිවී ඉන්නට
ඇයි මාගේ සිත විමසන්නේ
එනමුත් එසේ මා තනිවූ මොහොතක
සිතුවිල්ලක් වී ඔබ එන්නේ

මාලිනියේ
මාලිනියේ
මාලිනියේ මා ලාලනියේ

නිදි යහනේ මා දෙනෙත් වැසූ විට
සිහිනෙක දැවටී ඔබ එන්නේ
ගීයක පද වැල තනිවූ මොහොතක
තනුවක් වී සවනට එන්නේ

මාලිනියේ
මාලිනියේ
මාලිනියේ මා ලාලනියේ ////

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Maliniye Ma Lalaniye Song Lyrics - මාලිනියේ මා ලාලනියේ ගීතයේ පද පෙළ Maliniye Ma Lalaniye Song Lyrics - මාලිනියේ මා ලාලනියේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 03, 2021 Rating: 5

0 comments:

Post a Comment