Latin Kankaariya Song Lyrics - ලතින් කංකාරිය ගීතයේ පද පෙළ

Latin Kankaariya Song Lyrics - ලතින් කංකාරිය ගීතයේ පද පෙළ
Song Title : Latin Kankaariya (ලතින් කංකාරිය)
Vocals by Hashani Wasana
Music Composed,  Produced  & Arranged by Charitha Attalage 
Song Recorded, Mixed and Mastered by Charitha Attalage @Hometown Studios
Lyrics by Prathap Eash
Flute by Wayanaka Perera
Electric Bass by Dilru Amarasinghe
Sitar by Mahesh Pathmakumara
Saxophone by Janith Gamlath
Piano by Ashan Hettiarachchi
Backing Vocalists Voiced Out
Illustrations and Graphics by Project de Marco


නුඹට පානා හනික කෝපේ
නමට පමනා කරුම දීගේ
පිපුණු තිසරුන් මඟදි දුටුවැයි
පැලුණු ඒ උකුල් නොදැක කොහොමැයි
පිරිමි ඔහොමයි මුගුර නරකයි
උකස් දුන් හෘදේ (හර්දේ) නුඹටා
ඇහැට ගැටෙනා තැනක මානේ
ගැහැණු අගුණා මෙ මට කීවේ

ඇති හොඳටම බේගලේ ලොකු කෑදරේ
නොදන්නවා නෙවේ
කෝ ඔය බොරු ආදරේ රෑ කාමරේ
ඉහ උඩ හෙලු මාලිගේ අන්තප්පුරේ
උඩැක්කියක් නොවේ
මා බිසවකි කඳුකරේ ඒ රජ පෙලේ
ගැහැණු රවටා බෝමා කැටුව ආ දා මා
පණට සේමා නුඹට ප්‍රේමේ
පණට පණ හා සේමා ගැහැණු බෝමා
කනට කර මා මටලු ප්‍රේමේ

ඇති දැන් මගේ දේසනේ ගත බීසනේ
ගිනිගන්නවා වගේ
බෝ අවුලයි පෑ සෙනේ හද ආසනේ
අව්වැහි වැටෙනා ලෙසේ ධර්මේ ලොවේ
පිරිමින් යටයි කොහේ
කාටත් ඇති කෑදරේ රති සාගරේ
මගේ පෙරදා පවටා නුඹේ පිනටා
දෙගුරු රවටා එන්ට ආවේ
දෙගුරු පෙරදා රවටා දුගී පැලටා
එන්ට කියලා ඇයිද කීවේ
නුඹට පානා හනික කෝපේ

පිපුණු තිසරුන් මඟදි දුටුවැයි
පැලුණු එ උකුල් නොදැක කොහොමැයි
පිරිමි ඔහොමයි මුගුර නරකයි
උකස් දුන් හෘදේ (හර්දේ) නුඹටා
ඇහැට ගැටෙනා තැනක මානේ

ගැහැණු අගුණා මෙමට කීවේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Latin Kankaariya Song Lyrics - ලතින් කංකාරිය ගීතයේ පද පෙළ Latin Kankaariya Song Lyrics - ලතින් කංකාරිය ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 26, 2021 Rating: 5

0 comments:

Post a Comment