කරපිංචා (Karapincha - Murraya koenigii)

කරපිංචා (Karapinch - Murraya koenigii) - Your Choice Way

🌿 ලංකාවේ බොහෝ ගෙවතුවල දක්නට ලැබෙන අඩි 10-20 අතර උසැති සුලභ ශාකයකි. 

🌿 ඖෂධයක් සේම ආහාර රස ගන්නවන්නක් සේද ඉතා වැදගත්ය. 

🌿 අළු පාට පොත්තක් සහිත මෙම ශාකයේ ළපටි දලුවල යාන්තමින් බූව ඇත. මෙහි පත්‍ර ලං ලංව පිහිටා තිබේ. පත්‍ර පිහිටීම අසමපක්ෂය. පත්‍රයක් හෙවත් කිනිත්තක් අඟල් 5-10 දක්වා දිගය. පත්‍රයේ ප්‍රාක්ෂය මදක් බූව සහිතයි. එක කිනිත්තක පත්‍රිකා 15-25 අතර සංඛාවක් ඇත. පත්‍රිකාවක් අඟල් 1 1/2 පමණ දිගය. ඒවායේ නටු කෙටි වන අතර හැඩය අයතලංසාකාරය. පත්‍රිකාවල උඩ පැත්ත සිනිඳුය. 

🌿 මල අඟල් 1/2 ක් පමණ වේ. සුදු පාට මල් සුවඳවත්ය. මල් පිහිටා ඇත්තේ බෙදුනු අග්‍රස්ථ බහු-අක්ෂවලයි. නිපත්‍රිකා ඉතා කුඩාය. දල විවෘතයි. ඒවයේ තැන් තැන්වල තිත් වැනි ගැට ඇත. මාංසල මඩලක් මත රේණු තිබේ. ඩිම්බ කෝෂය ද්වීකෝෂ්ඨය. ජායංගදරයක් නොමැත. 

🌿 දිගු කීලයක් සහිත වන අතර කලංකය විශාලය. ඵලය අඟල් 1/3 පමණ වු කළු පාට බදරියකි. එහි බීජ දෙකක් ඇත.

🌿 කරපිංචා කො ළවල හා නටුවල ප්‍රබල සුවඳක් ඇත. 

🌿 ව්‍යංජන රසවත් නිරීම පිණිස කරපිංචා කොළ හා නටු ගනු ලැබේ. 

🌿 කරපිංචා ගසේලීය තදය. දුඹුරු පාටට හුරු ළා කහ පාටය. එය කල්පවත්නා ලීයකි. 

🌿 කරපිංචා බහුවාර්ෂික ශාකයක් වන අතර RUTACEAE කුලයට අයත්ය.

ඖෂධීය වටිනාකම
🌿 කරපිංචා සිසිල්ය. කසටය. අර්ශස්, දාහ, පණු හා කුරුමිණි රෝග, දැවිල්ල, කුෂ්ට, ලේ දෝෂ, ඉදිමුම්, වණ ආදී රෝග සමනය කරයි.

🌿 හෘදයාබාධ හට ගන්වන කොලෙස්ටරෝල් අඩුකරලීමට කරපිංචා ඉවහල් වන බව අනාවරණය වී තිබේ.

🌿 එහෙයින් දේශීය වෛද්‍යවරු හෘදයාබාධ වළක්වා ගනු කැමති අයටත්, හෘද රෝගීන්ටත් කරපිංචා කොළ ඉස්ම යෙදූ කැඳ බීමට නිර්දේශ කරති. 

🌿 කරපිංචා දලු සම්බෝල වශයෙන් හෝ මැ ල්ලුම් වශයෙන් කෑමට ගැනීමද ගුණදායකය.

🌿 දේශීය වෛද්‍යවරුන්ට අනුව ව්‍යංජනවලට දමන කරපිංචා ව්‍යංජනය සමගම ආහාරයට ගත යුතුය. 

🌿 කරපිංචා කොළ හීනියට ලියා හෝ අඹරා ව්‍යංජන ආදියට යෙදූ විට ආහාර සමග ශරීර ගත වන නිසා එයින් ලැබෙන ගුණය මහත්ය.

🌿 කරකැවිල්ල හා වමනය ආදිය ඇති අයටත්, විෂ ශරීරගත වූ අයටත්, කුසගිනි නොමැති, අජීර්ණාබාධ නිතර වැලඳෙන අයටත්, සුළු උමතු ගති ඇති පුද්ගලයින්ටත් කරපිංචා කැඳ ප්‍රශස්ථ ඔසුවක් බව දේශීය වෛද්‍යවරුන්ගේ පිළිගැනීමයි.

ශාක ලෝකය සහ ශ්‍රී ලංකාවේ ඖෂධීය ශාක කෘතිය ඇසුරිනි සරත් රණවීර සහ රේඛා රණවීර සේයාරූ අන්තර්ජාලයෙන්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
කරපිංචා (Karapincha - Murraya koenigii) කරපිංචා (Karapincha - Murraya koenigii) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 18, 2021 Rating: 5

0 comments:

Post a Comment