Kalladi Palama Pamula Song Lyrics - කල්ලඩි පාලම පාමුල ගීතයේ පද පෙළ

Kalladi Palama Pamula Song Lyrics - කල්ලඩි පාලම පාමුල ගීතයේ පද පෙළ
Song Title : Kalladi Palama Pamula (කල්ලඩි පාලම පාමුල)
ගායනය : ගුණදාස කපුගේ
සංගීතය : ගුණදාස කපුගේ
ගී පද : රත්න ශ්‍රී විජේසිංහ


කල්ලඩි පාලම පාමුල සින්දු කිව්ව මාළුවෝ
ඇයි ගොළු ගැහුණේ
සිතාරයට වෙඩි වැදුණද යාළුවෝ
සිතාරයට වෙඩි වැදුණද යාළුවෝ

මහ පොළොව ඉතිං දෙකට තුනට බෙදී යාවි යාළුවෝ
ගංගා මහ මුහුදු කලපු නොබෙදේවිද යාළුවෝ
උඹලා කොයි දෙස කොයි රටකට යනවද මාළුවෝ

කල්ලඩි පාලම පාමුල සින්දු කිව්ව මාළුවෝ
ඇයි ගොළු ගැහුණේ
සිතාරයට වෙඩි වැදුණද යාළුවෝ
සිතාරයට වෙඩි වැදුණද යාළුවෝ

අපෙ උතුරු දකුණු සංගීතය දෙකට බෙදෙයි යාළුවෝ
මෘදංග ගැට බෙර හදවත් පැලී යාවි යාළුවෝ
උඹලාගේ සින්දු ඉතිං කොයි රටේද මාළුවෝ

කල්ලඩි පාලම පාමුල සින්දු කිව්ව මාළුවෝ
ඇයි ගොළු ගැහුණේ
සිතාරයට වෙඩි වැදුණද යාළුවෝ
සිතාරයට වෙඩි වැදුණද යාළුවෝ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kalladi Palama Pamula Song Lyrics - කල්ලඩි පාලම පාමුල ගීතයේ පද පෙළ Kalladi Palama Pamula Song Lyrics - කල්ලඩි පාලම පාමුල ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 01, 2021 Rating: 5

0 comments:

Post a Comment