දවසේ වැදගත්කම - දෙසැම්බර්‌ 01 ලෝක ඒඞ්ස්‌ දිනය (Significance Of The Day - December 01 World AIDS Day)

දවසේ වැදගත්කම - දෙසැම්බර්‌ 01 ලෝක ඒඞ්ස්‌ දිනය (Significance Of The Day - Decembe 01 World AIDS Day) - Your Choice Way

ලෝක ඒඞ්ස් දින සැමරුම් දිනය අදට (01) යෙදී ඇත. 

ශ‍්‍රී ලංකාව ද ඒඞ්ස් හෙවත් මානව ප‍්‍රතිශක්තිකරණ ඌනතා වෛරසය පැතිරීම සම්බන්ධයෙන් අඩු අවදානම් සහිත රටකි. (ඒඞ්ස් ව්‍යාප්තිය 0.1 කටත් වඩා අඩු අගයක පවතී.) නමුත් ශ‍්‍රී ලංකාව තුළ වාර්තා වන නව ඒඞ්ස් ආසාදිත රෝගීන්ගේ කැපී පෙනෙන වර්ධනයක් මෑත කාලය තුළ දක්නට ඇත. ශ‍්‍රී ලංකාව තුළ ඒඞ්ස් අඩු අවදානම් තත්ත්වය එසේ පවත්වාගෙන යෑම මූලික අරමුණ වී තිබේ.

2019 වසර තුළ පමණක් නව ඒඞ්ස් ආසාදිතයන් 439 ක් වාර්තා වී ඇත. මෙයින් 359ක් පිරිමි පුද්ගලයන්ය. ශ‍්‍රී ලංකාව තුළ ඒඞ්ස් පැතිරීම ප‍්‍රධානවම සිදු වන්නේ ආසාදිත සහකරුවන් සමග අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා පැවැත්වීම මගිනි. එයින්ද පිරිමි – පිරිමි අතර පවත්නා (සමලිංගික) අනාරක්ෂිත ලිංගික හැසිරීම් නිසා ඒඞ්ස් ව්‍යාප්තිය ශ‍්‍රී ලංකාව තුළ සුලබව සිදු වේ.

වයස අවුරුදු 15-24 අතර තරුණයන් අතර ඒඞ්ස් ආසාදනයේ වැඩි වීමක් පෙන්නුම් කරයි. 2019 වසරේ නව ආසාදිතයන්ගෙන් 54 ක් (12% ක්ම) මෙම වයස් කණ්ඩායමේ තරුණ තරුණියන් වූ අතර මොවුන් අතරින් ද 89% ක්ම පිරිමි පුද්ගලයන්ය.
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
දවසේ වැදගත්කම - දෙසැම්බර්‌ 01 ලෝක ඒඞ්ස්‌ දිනය (Significance Of The Day - December 01 World AIDS Day) දවසේ වැදගත්කම - දෙසැම්බර්‌ 01 ලෝක ඒඞ්ස්‌ දිනය (Significance Of The Day - December 01 World AIDS Day) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 01, 2021 Rating: 5

0 comments:

Post a Comment