බිත්තර පැස්ටා හදමු (Egg Pasta)

බිත්තර පැස්ටා හදමු (Egg Pasta) - Your Choice Way

අද දවල්ට මම විශේෂ කැමක් හැදුවා . බිත්තර පැස්ටා . හරිම රසයි වගේම ලෙහෙසියි හදන්න . මෙහෙමයි හැදුවේ.

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • පැස්ටා   100g
  • කැරට් අල 1  (ග්‍රේට් කර ගත් )
  • ලීක්ස් ටිකක්  (සිහින්ව කපා ගත් )
  • තරමක ලොකු ළුනු ගෙඩ් 1 
  • කරපිංච ටිකක් 
  • ඉගුරු සහ සුදු ළුනු බික් 3 තලා ගත් 
  • බටර් හෝ මාජරින් මේස හැදි 2 
  • ගම්මිරිස් 
  • සොයා සෝස් 
  • තක්කාලි සෝස් 
  • කැලි මිරිස් 
  • චිලි පේස්ට් 
  • ලුනු 

✅ සාදා ගන්නා ආකාරය :

  1. භාජනයක් ලිප තබා වතුර කප් 4 දමා එයට ලුනු තේ හැදි 1 සහ තෙල් මේස හැදි 1 දමා මිශ්‍ර කර පැස්ටා එකතු කර තම්බා ගන්න . පසුව එහි වතුර පෙරා වතුරින් සෝදා නැවත වතුර  පෙරා පැත්තකින් තබන්න .
  2. භාජනයක් ලිප තබා තෙල් මේස හැදි 3 දමා රත් වු විට සුදු ළුනු ඉගුරු එකතු කර යාන්තමට බැදෙන විට ළුනු, කරපිංච එකතු කර යාන්තමට බැදෙන විට කැරට් ,  එකතු කර යාන්තමට බැදෙන විට ලුනු කුඩු එකතු කර මිශ්‍ර කරන්න .
  3. දැන්  බිත්තර 2 එකතු කර කලවම් කර බැදෙන විට  සෝයා සෝස් ,,බටර් හෝ මාජරින් එකතු කර මිශ්‍ර කරන්න . 
  4. පසුව ලීක්ස් එකතු කර හොඳින් මිශ්‍ර කර ඒ සමගම කැලි මිරිස් , ගම්මිරිස් කුඩු , තක්කාලි සෝස්  එකතු කර මිශ්‍ර කර පැස්ටා එකතු කර හොඳින් කලවම් කරන්න . 
  5. අවසානෙට චිලි පේස්ට් එකතු කර මිශ්‍ර කර ලිපෙන් ඉවත් කරන්න . මම නම් උඩිනුත් තක්කාලි සෝස් දැම්මා .  
හදලා බලන්න කෝ.Dhammika Panangala (ධම්මිකා පනංගල)

බිත්තර පැස්ටා හදමු (Egg Pasta) - Your Choice Way

බිත්තර පැස්ටා හදමු (Egg Pasta) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
බිත්තර පැස්ටා හදමු (Egg Pasta) බිත්තර පැස්ටා හදමු (Egg Pasta) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 01, 2021 Rating: 5

0 comments:

Post a Comment