Dawasaka Rae Song Lyrics - දවසක රෑ ගීතයේ පද පෙළ

Dawasaka Rae Song Lyrics - දවසක රෑ ගීතයේ පද පෙළ
Song Title : Dawasaka Rae (දවසක රෑ)
Singing : Nikkei ft. Kevin Smokio
Music Produced By Shenal Maddumage
Lyrics : Smokio
Rap Lyrics : Smokio 
Introducing Artist : Nikkei
Sponsored By Melbourne handiya Production
Director & DOP : Wagmee
Editor & Colorist : Wagmee 


දවසක රෑ 

අතින් අල්ලන් දිවුරලා
ළඟින් ඉන්නම් කියුව දා
සමුගන්න හිතකවත් මේ
කවදාවත් නෑ තිබුණේ

විලංගු වලින් මුදා දෙපා
වියත් දුරකින් යා වෙලා 
සමුදුන්න මතක පාරේ
අපි හමුවෙමු දෝ ආයේ

දවසක රෑ පෙර වගේ
ඉන්නම් තුරුලට ගෙන මගේ
කවදාවත් බෑ
කොහොමද මං
වෙන හිතක් හොයන්නේ
නෑ මං හොයන්නෙ
නෑ මං හොයන්නෙ
නෑ මං හොයන්නෙ

වෙන කාවවත්ම
ආදරෙයි ලු බැරි තරම් වාවගන්න
ඒත් තේරුම් ගන්න බෑ තාමත් මට
ඇයි අද නැත්තේ ඔයා මං ගාව
කරපු වැරදි මම බාරගන්නම්
හිතුනොතින් විතරක් සමාවත් ගන්නම්
ඔයා ඇති තරම් වෙලා අරගන්න
හොයාගන්න වැරදි ඔයාද මං ද
ඉන්න පුළුවන් ඔයා දිහාම බලන්
ආස නෑ මං කාටවත් ඔයාට තරම්
පිස්සුවෙන් ආදරේ කලා ඔව් මමත්
ඒ පිස්සුව නෙමෙයි ඔයා මට තවත්
දින සති ගෙවී යද්දී මාස ගණන්
අපි අතරේ නැති වෙයි හාදකමක් වත්
ආයෙමත් එපා මගේ දිහා බලන්නත්
හොයා ගන්නම් වෙන පාරක් මමත්

දවසක රෑ පෙර වගේ
ඉන්නම් තුරුලට ගෙන මගේ
කවදාවත් බෑ 
කොහොමද මං
වෙන හිතක් හොයන්නේ
නෑ මං හොයන්නෙ
නෑ මං හොයන්නෙ
නෑ මං හොයන්නෙ

නෑ ඔයා වගේ කාවත්
නෑ මට නාස්ති කරන්න වෙලාවක්
ඔයා ඉන්න ඕනේ මගේ උරෙන් උර ගාවන්
ඒත් ඔයා ආස නිදාගන්නයි තියන් මාවත්
සමුදෙන්න හිතුවේ නෑ මම හද පාරා
කඳුළු දෙන්න හිතුවේ නෑ කවදාවත්
සමහර මතක ආදර බරයි තාමත්
ඒ වුණත් ලං වෙන්න බෑ තව පාරක්
ඔයා නෑ මයි කිව්වත් මං නෑ රවටාලා
ආත්මේ විකුණුවේ නෑ මම රඟපාලා
ළඟින්ම තියාගන්නයි හැදුවේ සරසාලා
කණගාටුයි ඈත් වෙන්න වුණාට හඬවාලා
ඒක මඟ ඇවිත් අතරමග දාලා යද්දී
ඔයා මාව දකීවි හිම ට ගලපාලා
බොරු බොළඳ හුරතල් වදන් පවසාලා
නිම කළ හැකිද කෙනෙක්ව සනසාලා

අතින් අල්ලන් දිවුරලා
ළඟින් ඉන්නම් කියුව දා
සමුගන්න හිතකවත් මේ
කවදාවත් නෑ තිබුණේ

විලංගු වලින් මුදා දෙපා
වියත් දුරකින් යා වෙලා 
සමුදුන්න මතක පාරේ
අපි හමුවෙමු දෝ ආයේ

දවසක රෑ පෙර වගේ
ඉන්නම් තුරුලට ගෙන මගේ
කවදාවත් බෑ 
කොහොමද මං
වෙන හිතක් හොයන්නේ
නෑ මං හොයන්නෙ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Dawasaka Rae Song Lyrics - දවසක රෑ ගීතයේ පද පෙළ Dawasaka Rae Song Lyrics - දවසක රෑ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 18, 2021 Rating: 5

0 comments:

Post a Comment