Hichchi Nage Song Lyrics - හිච්චි නඟේ ගීතයේ පද පෙළ


Song Title : Hichchi Nage (හිච්චි නඟේ)
ගායනය : මහාචාර්ය සනත් නන්දසිරි සහ මල්කාන්ති නන්දසිරි
පද රචනය : සුනිල් ගුණවර්ධන
තනු : මහාචාර්ය සනත් නන්දසිරි


හිච්චි නඟේ
හිච්චි නඟේ

හිච්චි නඟේ බාලේ ඉඳ හැංගි හොරා
ළපටි හිතින් මට මතකයි විහිළු කළා
හිතට හොරා මල් පිපුණා ආල නුරා
අද මොකදෝ මං දුටුවම වෙනස් වෙලා

හිච්චි නඟේ
හිච්චි නඟේ

කොළඹ රටේ ඔබ ඉන්නා සුනංගුවේ
ගං පියසේ මං හිටියේ විලංගුවේ //
රෑ යාමේ හමුවී මට දෙවොල් පොළේ
ලොකු මාමා ඇයි තරහින් දොස් කීවේ

හිච්චි නඟේ බාලේ ඉඳ හැංගි හොරා
ළපටි හිතින් මට මතකයි විහිළු කළා
හිතට හොරා මල් පිපුණා ආල නුරා
අද මොකදෝ මං දුටුවම වෙනස් වෙලා
හිච්චි නඟේ
හිච්චි නඟේ 

දුරස් වෙලා හිටියත් ඔබ කොළොම්පුරේ
හද සුවඳයි රැඳුණේ ළඟ නිරන්තරේ //
හරස් වෙලා හැම දෙනාම කිමද නඟේ
ඔබෙයි මගෙයි ආදර ලොව පලුදු කළේ

හිච්චි නඟේ බාලේ ඉඳ හැංගි හොරා
ළපටි හිතින් මට මතකයි විහිළු කළා
හිතට හොරා මල් පිපුණා ආල නුරා
අද මොකදෝ මං දුටුවම වෙනස් වෙලා

හිච්චි නඟේ
හිච්චි නඟේ ///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hichchi Nage Song Lyrics - හිච්චි නඟේ ගීතයේ පද පෙළ Hichchi Nage Song Lyrics - හිච්චි නඟේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 30, 2021 Rating: 5

0 comments:

Post a Comment