පොළොස් වෑංජනය හදමු (Baby Jake Curry) 🍲

පොළොස් වෑංජනය හදමු (Baby Jake Curry) 🍲 - Your Choice Way

හාල් සහ පොල් බැදල උයන  🔴

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • පොලොස් ගෙඩියක්
  • මිරිස් කුඩු මේස හැඳි 3
  • ගම්මිරිස් කුඩු මේස හැඳි 2 
  • තුනපහ කුඩු මේස හැඳි 3 ක්
  • රතු කැකුළු හාල් මිටක්
  • ගාගත් පොල් මිටක්
  • කහ කුඩු තේ හැඳි 1 ක්
  • ලුණු රස අනුව 
  • ගොරකා කෑල්ලක්
  • රතු ළූණු 5
  • ඉඟුරු කෑල්ලක් 
  • සුදු ළූණු බික් 4 ක්
  • එනසාල් ඇට 4 ක්
  • කරාබු නැටි 3 ක්
  • කුරුඳු කැබැල්ලක්
  • කුරුඳු කොළ 2 ක්
  • අබ ස්වල්පයක් 
  • රම්පා, කරපිංචා, සේර කැබැල්ලක්
  • දිය කිරි අඬු කෝප්ප 2 ක්
  • උකු මිටි කිරි අඬු කෝප්ප 1 ක් 
  • බුලත් විට කන හුණු ස්වල්පයක් (අවශ්‍යම නෑ)

✅ සාදා ගන්නා ආකාරය :

  1. ▪️ මුලින්ම ගල් වැලි නැති පිරිසිදු රතු කැකුළු හාල් මිටක් අරන් කබලක් ලිප තියා හොඳින් බැද ගන්න. (ගින්දර වැඩි කර පුච්ච ගන්න එපා) එහෙම උනොත් කර රසක් එනවා. හාල් ටික බැදුනට පස්සෙ පොල් ටිකත් හොඳට බැද ගන්න. පොල් ටික තෙත ඉවත් වෙලා බැදෙන්න නම් ටිකක් වෙලා යනව හැබැයි. 
  2. ▪️ ඊට පසු හාල් ටික හොදට බ්ලෙන්ඩ් කරන්න.පසු ඒකටම පොල් ටිකත් දාල හොදට පේස්ට් එකක් වෙනකන් බ්ලෙන්ඩ් කරන්න.තද ගතියක් වගේ එනව නම් පොල් කිරි පොඩ්ඩක් දාන්න.(මිරිස් ගලක් තියේනම් ව්‍යායාමයකටත් එක්ක හොඳට අඹර ගන්න 😃)
  3. ▪️ දැන් පොලොස් ගෙඩියේ කටු ඉවත් කරල හතරට පලල කොස් වහල්ල අයින් කරල පොඩි කුට්ටි කපා ගන්න.ඒ කුඩා කුට්ටි වල යට  වෙන් නොවන සේ පලා ගන්න.එතකොට හොඳට තුන පහ උරා ගන්නවා.දැන් ලුණු සහ ගම්මිරිස් අතගා පැත්තකින් තියන්න.🔴 කොස් පොලොස් වරකා වගේ කොහොල්ල තියන ඒවා කපන්න පෙර පිහියේ වතුර ටිකක් ගාන්න.එතකොට කොහොල්ල ඇලෙන්නෙ නෑ
  4. ▪ දැන් වෑංජනය උයන ඇතිලිය ගන්න.(අනිවාර්යයෙන්ම මැටි ඇතිලියක් පමණක් ගන්න) භාජනය ලිප තියා තෙල් ටිකක් දමන්න. මේස හැඳි 3 ක් වගේ.රත්වන විට අබ ස්වල්පයක් දමා පුපුරවන්න. ඊට පසු කරපිංචා, රම්පෙ, ඉඟුරු, තලාගත් සුදු ළූණු හීනියට කපා ගත් රතු ළූණු සහ කුරුඳු එකතු කරන්න.
  5. ▪️ හොඳට සුවද හමල තෙම්පරාදු වන විට මිරිස්කුඩු, තුනපහ කුඩු, කහ තෙලට දමන්න. රන්වන් පාටට බැදෙන විට කපාගත් පොලොස් ටික දමා හොඳට කවලම් කරන්න.දැන් මේකට කුරුදු කොල දෙක තුනක් එකතු කරන්න.🔴 අපි කුරුදු කොල දාන්නෙ අපේ පොලොස් වෑංජනයට ලස්සන පාටක් වගේම අමුතුම සුවදක් එකතු කර ගන්න ඕන නිසා.
  6. ▪️ දැන් දිය කිරි ටික දමා පියනකින් වහල පැය භාගයක් පමණ හොඳට පිස ගන්න.🔴 පොලොස් කෑලි හයියයි වගේ නම් අපි බුලත් විට කද්දි ගන්න හුණු බොහොම පොඩ්ඩක් එකතු කරල පිස ගන්න.එතකොට තවත් හොඳට මෙලෙක් වෙනවා. අපි පොලොස් ගෙඩිය අතට ගත්තම තේරෙනව නේ මේක කොහොම එකක්ද කියල.
  7. ▪️ හොද්ද නටාගෙන එද්දි උකු මිටි කිරි ටික එකතු කරල අර අපි හාල් පොල් බැදල හදා ගනිපු පේස්ට් එක එකතු කරන්න.ඔයාලට ඕන නම් හොද්ද ටිකක් තියල ගන්නත් පුළුවන්. මම නම් හොඳටම හින්දවා ගත්ත.වෙන වෑංජන තියන නිසා.
  8. ▪️ මේ වෑංජනය ලිපෙන් බාපු ගමන් මස් කරි පව්ඩර් පොඩ්ඩක් ඉඩින් ඉසින්න.(ටිකක් සැරට කන කෙනෙක් නම් නයි මිරිස් කරලක් දෙකට පලල දන්න)
🔴 මෙහෙමයි පොලොස් වෑංජනයක් රස නම් හදපු දවසට පහු වෙනිදා.ඒත් කවදාවත් එහෙම තියා ගන්න වෙන්නෙ නැහැනේ.

🔴🔴 හැමදාමත් කියනව වගේ මැජික් කරන්න වහ කැට දාල උයල ගෙදර අය මහරගම එහෙම යවන්න දායක වෙන්න එපා හරි නේදා.

මොකද බොහොම දෙනෙක් පුරුදු වෙලා ඉන්නවා පොලොස් උයද්දි ඔන්න ඔය වහ කැටේ දාල උයන්න. ඒ වෙනුවට හාල් පොල් බැදල මෙහෙම අපේ ක්‍රමයට උයල බලන්න කියල බොහොම ආදරයෙන් ඉල්ලා සිටිනවා.

♦️ඉතින් ආයෙ දවසක මේ වගේ තවත් රසම රස රෙසිපි එකකින් හමුවෙමු. ඔයාල සියළුම දෙනාට නිදුක් නීරෝගී සුවයෙන් සැමකල් ජීවත් වීමට වාසනාව ලැබේවා කියල වෙනද වගේම අදත් හදවතින්ම ආශිර්වාද කරනවා. 
උතුම් තෙරුවන් සරණයි සියළුම දෙනාට ☸ 

✍️ ගයාන් විදාන පතිරණ 
Lecturer in Management & English Language CA, IELTS Examiner, Ex-Banker, JP (All Island)
පොළොස් වෑංජනය හදමු (Baby Jake Curry) 🍲 - Your Choice Way

පොළොස් වෑංජනය හදමු (Baby Jake Curry) 🍲 - Your Choice Way

පොළොස් වෑංජනය හදමු (Baby Jake Curry) 🍲 - Your Choice Way

පොළොස් වෑංජනය හදමු (Baby Jake Curry) 🍲 - Your Choice Way

පොළොස් වෑංජනය හදමු (Baby Jake Curry) 🍲 - Your Choice Way

පොළොස් වෑංජනය හදමු (Baby Jake Curry) 🍲 - Your Choice Way
👇 ඒ වගේම මේ තියෙන්නෙ මගේ Page එක.මේක English Language Page එකක්. ඉංග්‍රීසි ඉගෙන ගන්න කැමති අය ඉන්නවානම් Like එකක් දාල Join වෙන්න කියල ආරාධනා කරනවා.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
පොළොස් වෑංජනය හදමු (Baby Jake Curry) 🍲 පොළොස් වෑංජනය හදමු (Baby Jake Curry) 🍲 Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 01, 2021 Rating: 5

0 comments:

Post a Comment