අල්කට්‍රාස් ෆෙඩරල් සිරගෙය (Alcatraz Federal Prison)

අල්කට්‍රාස් ෆෙඩරල් සිරගෙය (Alcatraz Federal Prison) - Your Choice Way

1934 අගෝස්තු 11 සිට 1963 මාර්තු 21 දක්වා ක්‍රියාත්මක වූ අල්කට්‍රාස් ෆෙඩරල් සිරගෙය එක්සත් ජනපදයේ මෙන්ම ලෝකයේ වඩාත්ම බලගතු බන්ධනාගාර වලින් එකකි. මෙම බන්ධනාගාරය ඉදි කරනු ලැබුවේ වෙනත් බන්ධනාගාර වලදී නිරන්තරයෙන් කරදර ඇති කළ සිරකරුවන් සහ  භයානක සිරකරුවන් සිරගත කිරීමේ අරමුණිනි. සැන් ෆ්රැන්සිස්කෝ බොක්කෙහි සීතල මුහුදු ජලය මැද මෙය පිහිටීමත් නිසා සිරකරුවන්ට පැනයාමට නොහැකි ස්ථානයක් ලෙසද ප්‍රසිද්ධ විය.

නමුත් මෙම බන්ධනාගාරය නඩත්තු කිරීම ඇදහිය නොහැකි තරම් මිල අධික විය. 1961 වන විට මුහුදු ජලයයේ ඇති ලවණ නිසා මෙහි යකඩ මළ බැදීමට පටන් ගත් අතර එය අලුත්වැඩියා කිරීමට ඩොලර් මිලියන 5 ක් අවශ්‍ය විය. 

1962 සිදු වූ සිරකරුවන් පලායාමේ උත්සාහයකින් පසු බන්ධනාගාරය නැවත ඇගයීමට ලක් කර වසා දමන ලදී. මෙහි සිටි සිරකරුවන් රට පුරා විවිධ ෆෙඩරල් බන්ධනාගාර වෙත ගෙන යන ලදී. පහත රූපයෙන් දැක්වෙන්නේ එහි සිටි අවසාන සිරකරුවන් කිහිප දෙනායි.
අල්කට්‍රාස් ෆෙඩරල් සිරගෙය (Alcatraz Federal Prison) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
අල්කට්‍රාස් ෆෙඩරල් සිරගෙය (Alcatraz Federal Prison) අල්කට්‍රාස් ෆෙඩරල් සිරගෙය (Alcatraz Federal Prison) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 25, 2021 Rating: 5

0 comments:

Post a Comment