දවසේ වැදගත්කම - දෙසැම්බර්‌ 09 ජාත්‍යන්තර දූෂණ විරෝධී දිනය (Significance Of The Day - December 09 International Anti-Corruption Day)

දවසේ වැදගත්කම - දෙසැම්බර්‌ 09 ජාත්‍යන්තර දූෂණ විරෝධී දිනය (Significance Of The Day - December 09 International Anti-Corruption Day) - Your Choice Way

ලෝකයේ සියලුම රටවලට අල්ලස හා දූෂණය ඉතා ප්‍රබල තර්ජනයක් වී තිබේ. එය රටක සංවර්ධනයට, ආයෝජනවලට, වෙළෙඳාමට, කීර්තිනාමයට, සමාජ සාධාරණත්වයට බොහෝ බලපෑම් ඇති කරයි. ලෝකයෙන් මෙම රුදුරු අල්ලස හා දූෂණය නැමති උවදුරින් මිදීමට රටවලට තනි තනිව කටයුතු කළ නොහැකි බව අවබෝධ කර ගනිමින් ලෝකයේ බොහෝ රාජ්‍යයන් එක්ව විවිධ පියවර රාශියක් ගෙන ඇත. ඒ අතර රාජ්‍යයන් 186 ක ප්‍රමාණයක් අත්සන් තබා ඇති එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී සම්මුතිය ඉතාමත් වැදගත් වේ. එම සම්මුතියට 2004 වර්ෂයේ දී අප විසින් අත්සන් තබා පිළිගෙන ඇත.

මෙම සම්මුතිය සම්මත කර ගැනීමෙන් පසු සියලුම සාමජික රටවල් ජාත්‍යන්තර දූෂණ විරෝධී දිනය ලෙස දෙසැම්බර් 09 වන දින නම් කර ඇත. ඒ අනුව දෙසැම්බර් 09 වන දිනට යෙදෙන අන්තර් ජාතික දූෂණ විරෝධී දිනයේ දී මුළු ලෝකයේ ම රාජ්‍යයන් බොහොමයක් දූෂණයට එරෙහිව ඉතා ක්‍රියාකාරී ලෙස හා ඵලදායී ලෙස ක්‍රියාකාරකම් රාශියක් සිදු කිරීමට පියවර ගනු ඇත.එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී සම්මුතියේ ලේකම් කාර්යාලය ලෙස කටයුතු කරන එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාංශය (UNODC) මෙවර අන්තර් ජාතික දූෂණ විරෝධී දින සැමරීමේ දී ප්‍රජා පදනම් වූ වැඩසටහන් තේමාව කර ගනිමින් දූෂණ විරෝධී සංකේත ප්‍රදර්ශනය කිරීම, දූෂණ විරෝධී ප්‍රචාරණ හා ප්‍රවර්ධන කටයුතු සිදු කිරීම සහ සංවිධානය කිරීමට සහ පණිවිඩ ජනගත කිරීමට කටයුතු කර ඇත. මුළු ලෝකයෙන්ම එක්ව ඒ අනුව මෙම වසරේ ලෝකයේ බොහෝ රටවල් දූෂණ විරෝධී දිනය සැමරීම සඳහා ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සිය ශක්තිය යොදනු ඇත.

ශ්‍රී ලංකාවේ ද ව්‍යසනයක්ව පැවති අල්ලස හා දූෂණයෙන් රට මුදවා ගැනීම සඳහා පියවර රාශියක් අනුගමනය කළ යුතුව ඇත. එහිදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී ආයතනය සඳහා ශ්‍රී ලංකාවේ කේන්ද්‍රීය ආයතනය වශයෙන් අල්ලස දූෂණය තුරන් කිරීමට සාධනීය පියවර රැසක් ගනිමින් සිටී.

අප රටේ දූෂණය තුරන් කිරීමේ මූලික සැලැස්මක් නොතිබූ හෙයින් එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී ප්‍රඥප්තියේ (UNCAC) නිර්දේශ සහ රටවල් 70 කින් සමන්විත වන විවෘත රාජ්‍යපාලන හවුල්කාරීත්වය යටතේ වූ සමුළුවේ යෝජනා ද සැලකිල්ලට ගෙන අල්ලස් කොමිසමේ මූලිකත්වයෙන් ශ්‍රී ලංකාව සඳහා අල්ලස හා දූෂණය තුරන් කිරීමේ පස් අවුරුදු ජාතික ක්‍රියාකාරී සැලැස්ම සකස් කරන ලදී. එය 2019 මාර්තු 18 වන දින දියත් කරන ලදී.

අප රටෙන් අල්ලස හා දූෂණය තුරන් කිරීමේ ප්‍රමුඛ ක්‍රමවේදයක් ලෙස රාජ්‍ය සේවයේ කටයුතු කිරීමේ ක්‍රියාවලියේ වෙනස්කම් සිදු කරමින් (System Change) හරයන්ගෙන් සහ සුපිළිපන්(Integrity) බවෙන් යුතු රාජ්‍ය සේවයක් කරා ගමන් කිරීම සඳහා ක්‍රියාකාරකම් රාශියක් ඇතුළත් කරමින් එම සැලැස්ම සකස් කර ඇත. අප රටේ මහජනතාව දැනුවත් කරමින් නිවාරණ ක්‍රියාවලියක් රට පුරා ක්‍රියාත්මක කිරීමට ද අවශ්‍ය ක්‍රියාකාරකම් රාශියක් ද එම සැලැස්මෙහි දක්වාඇත.

ඒ අනුව අල්ලස හා දූෂණයට එරෙහි හඬ ඉහළ නැංවීමට මෙම ජාත්‍යන්තර දූෂණ විරෝධී දිනය කදිම අවස්ථාවකි. විශේෂයෙන් ජාතික ක්‍රියාකාරී සැලැස්මෙහි දක්වා ඇති “සාරධර්ම මත පදනම් වූ අධ්‍යාපන හා ප්‍ර‍ජා සහභාගීත්වය” නැමති උපාය මාර්ගය යටතේ ඇති ක්‍රියාකාරකම් සාක්ෂාත් කර ගැනීමට මෙම දිනය මහඟු අවස්ථාවකි. නූතන ශ්‍රී ලංකා සමාජය සාරධර්ම මත පදනම් වී අනාගත පරපුරට දායාදයන් එක් කරනු ලැබීම අරමුණු කර ගනිමින් දූෂණයට එරෙහිව සටන් කිරීම සඳහා සියලු ශ්‍රී ලාංකික ප්‍රජාව ඒකරාශී කර ගැනීම මෙවර දූෂණ විරෝධී දිනයේ දී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව තේමාව කර ගෙන සිටී. එබැවින් දූෂණයට විරුද්ධව සියලු පාර්ශව ඒකරාශි කර ගැනීමට අප යෝජනා කරන්නෙමු.

ඒ අනුව ජනතාව දැනුවත් කරමින් ඔවුන් අල්ලස දූෂණයට එරෙහිව ක්‍රියාකාරී ලෙස දායක කර ගැනීමේ අවශ්‍යතාවය වටහා ගනිමින් දැනුවත් කිරීමේ වැඩසටහන් ගණනාවක් මේ වන විටත් අප කොමිෂන් සභාව විසින් ආරම්භ කර ඇත.
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
දවසේ වැදගත්කම - දෙසැම්බර්‌ 09 ජාත්‍යන්තර දූෂණ විරෝධී දිනය (Significance Of The Day - December 09 International Anti-Corruption Day) දවසේ වැදගත්කම - දෙසැම්බර්‌ 09 ජාත්‍යන්තර දූෂණ විරෝධී දිනය (Significance Of The Day - December 09 International Anti-Corruption Day) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 09, 2021 Rating: 5

0 comments:

Post a Comment