Sithum Pathum Sanda Adare Song Lyrics - සිතුම් පැතුම් සඳ ආදරේ ගීතයේ පද පෙළ

Sithum Pathum Sanda Adare Song Lyrics - සිතුම් පැතුම් සඳ ආදරේ ගීතයේ පද පෙළ
Song Title : Sithum Pathum Sanda Adare (සිතුම් පැතුම් සඳ ආදරේ)
ගායනය : එච්.ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක
සංගීතය : පී.එල්.ඒ. සෝමපාල
පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
අබිරහස ( 1971) චිත්‍රපටියෙන්වී


සිතුම් පැතුම් සඳ ආදරේ උදා වේ දෝ
මහදේ සොඳුරු අහසේ අනාගතේ //
සිතුම් පැතුම් සඳ ආදරේ උදා වේවා
මහදේ සොඳුරු අහසේ අනාගතේ

පැණි සොයමින් බඹරුන් එනවා
පැණි බී යළි උන් ඉගිලෙනවා
පැණි සොයමින් බඹරුන් එනවා
පැණි බී මල වට ඉගිලෙනවා

තනි වුණු කතරක මා ඉන්නේ
කෙළෙසද පිය මැන පිටවන්නේ
තනි වුණු කතරක මා ඉන්නේ
ඔබ සමගිනි මා පිටවන්නේ

සිතුම් පැතුම් සඳ ආදරේ උදා වේ දෝ
මහදේ සොඳුරු අහසේ අනාගතේ
සිතුම් පැතුම් සඳ ආදරේ උදා වේවා
මහදේ සොඳුරු අහසේ අනාගතේ

හදවත විල් දිය චංචල වේ
ගැඹුරට මගෙ නෙත සිත යොමුවේ
හදවත විල් දිය චංචල වේ
ගැඹුරෙහි වැලි මත මුතු හමුවේ

සැතපෙන කල දුටු නිදි යහනේ
එළි වෙයි දෝ මේ දුටු සිහිනේ
සැතපෙන කල දුටු නිදි යහනේ
එළිවෙනවා රෑ දුටු සිහිනේ

සිතුම් පැතුම් සඳ ආදරේ උදා වේ දෝ
මහදේ සොඳුරු අහසේ අනාගතේ
සිතුම් පැතුම් සඳ ආදරේ උදා වේවා
මහදේ සොඳුරු අහසේ අනාගතේ

මහදේ සොඳුරු අහසේ අනාගතේ ///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sithum Pathum Sanda Adare Song Lyrics - සිතුම් පැතුම් සඳ ආදරේ ගීතයේ පද පෙළ Sithum Pathum Sanda Adare Song Lyrics - සිතුම් පැතුම් සඳ ආදරේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 01, 2021 Rating: 5

0 comments:

Post a Comment