Sithijaye Song Lyrics - ක්ෂිතිජයේ ගීතයේ පද පෙළ

Sithijaye Song Lyrics - ක්ෂිතිජයේ ගීතයේ පද පෙළ
Song Title : Sithijaye (ක්ෂිතිජයේ)
Singing : Nirmani Shalithya
AK Twins
පද රචනය : ගිහාන් චාමික
සංගීතය : චතුරංගන ද සිල්වා
Teledrama : Mal Pipena Kale Tele Drama Song - Derana TV දෙරණ TV


කඳු යායේ සීතලේ
මල් ඇසින් ඇහින්දා මල් පිපෙන්නා
විල් පිරෙන්නා
පිණි හැලෙන්නා
නිල් මල් වැස්සක් වහින්නා
පැන් ඉසින්නා හිත හදන්නා මල් පිපෙන්නා 
විල් පිරෙන්නා

මලින් මලට හිනාවෙලා හාදු හංගලා
වස්සාන සෘතුව සිප ගනිද්දී රොණින් බර වුනා

ක්ෂිතිජයේ මීදුම් නිම්නේ මල් කතා ඇහෙනවා
වස්සානය හා මල් හාදවෙලා
නිල් ක්ෂිතිජයේ මල් රොණ් මල් වැස්සක් වහින්න එනවා 
බඹරුන් හා මල් හාදවෙලා

නිල් තුරු හිසේ විහඟුන් ගැයූ මල් ස්වර සමඟ
පැටලෙන්න ඕනෑ මටත්
දේදුන්න අදින්නම් නිල් අහසට ළගින්
වස්සාන වර්ණයන් තියේ නම්

ක්ෂිතිජයේ මීදුම් නිම්නේ මල් කතා ඇහෙනවා
වස්සානය හා මල් හාදවෙලා
නිල් ක්ෂිතිජයේ මල් රොණ් මල් වැස්සක් වහින්න එනවා 
බඹරුන් හා මල් හාදවෙලා

සීත කඳුකරේ ළා නිල් බදූ නිල් විල් ගැඹුරෙ
කිමිදෙන්න ඕනෑ මටත්
ගී සිංදූ අහන්නම් සියොතුන් තුඩින්
වස්සාන ආදර තියේ නම්

ක්ෂිතිජයේ මීදුම් නිම්නේ මල් කතා ඇහෙනවා
වස්සානය හා මල් හාදවෙලා
නිල් ක්ෂිතිජයේ මල් රොණ් මල් වැස්සක් වහින්න එනවා 
බඹරුන් හා මල් හාදවෙලා

ක්ෂිතිජයේ...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sithijaye Song Lyrics - ක්ෂිතිජයේ ගීතයේ පද පෙළ Sithijaye Song Lyrics - ක්ෂිතිජයේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 06, 2021 Rating: 5

0 comments:

Post a Comment