එක්වරම පෘථිවිය භ්‍රමණය වීම නැවතුනොත් කුමක් සිදු වේවීද ? ⚡ Si Fi 🌎 (What Would Happen If The Earth Suddenly Stopped Rotating ?)

1. සියළුම වස්තූන් තමන්ගේ ගම්‍යතාව යටතේ වේගයෙන් නැගෙනහිර දෙසට විසිවී යයි. පෘථිවිය සමකය මත පැයට කිලෝමීටර් 1609 ක තරම් වේගයකින් භ්‍රමණය වේ. පෘථිවිය භ්‍රමණය නැවතුනොත් ශ්‍රී ලංකාව මතුපිට භූමියේ ඇති සියල්ලට එක්වරම පැයට කිලෝමීටර් 1609 ක තරම් වේගයක් ලැබෙන අතර ක්ෂණයකින් සියල්ල සුනුවිසුණු වී යන අතර උස ගොඩනැගිලි සියල්ල සුන්බුන් බවට පත්වේ ඔබ තත්පරයක් ඇතුලත මීටර් 460 ක් දුරකට විසිවී යයි.සිතා බලන්න එවිට ඔබව යම්කිසි වස්තුවක ගැටුණු විට කුමක්නම් සිදුවිය හැකිද? අප සිතමු පුද්ග⁣ලයෙක් පොළවේ සිදුරක් සාදා එතුල ට වී සිටිවී කියා.එවිට ඔහුට සිදුවන්නේ කුමක්ද ? ඔහු මත ඔහුගේ බර මෙන් 50 ගුණයක පමණ බලයක් ක්‍රියාත්මක වන අතර ඔහුව පොඩිවී මිරිකී ගොස් ක්ෂණිකව මියයි.  2. විශාල උදම් රළ ඇති වේ. ඔබ ලංකාව ඇතුලත කුමන ප්‍රදේශයක සිටියත් ගැලවීමක් නැත.පළමු ගැටලුවෙන් ඔබ කෙසේ හෝ දිවි ගලවා ගත්තේ නම් ඊළග ක්ෂණයේ ලග ලගම ඔබ වෙ

1. සියළුම වස්තූන් තමන්ගේ ගම්‍යතාව යටතේ වේගයෙන් නැගෙනහිර දෙසට විසිවී යයි.
පෘථිවිය සමකය මත පැයට කිලෝමීටර් 1609 ක තරම් වේගයකින් භ්‍රමණය වේ. පෘථිවිය භ්‍රමණය නැවතුනොත් ශ්‍රී ලංකාව මතුපිට භූමියේ ඇති සියල්ලට එක්වරම පැයට කිලෝමීටර් 1609 ක තරම් වේගයක් ලැබෙන අතර ක්ෂණයකින් සියල්ල සුනුවිසුණු වී යන අතර උස ගොඩනැගිලි සියල්ල සුන්බුන් බවට පත්වේ ඔබ තත්පරයක් ඇතුලත මීටර් 460 ක් දුරකට විසිවී යයි.සිතා බලන්න එවිට ඔබව යම්කිසි වස්තුවක ගැටුණු විට කුමක්නම් සිදුවිය හැකිද? අප සිතමු පුද්ග⁣ලයෙක් පොළවේ සිදුරක් සාදා එතුල ට වී සිටිවී කියා.එවිට ඔහුට සිදුවන්නේ කුමක්ද ? ඔහු මත ඔහුගේ බර මෙන් 50 ගුණයක පමණ බලයක් ක්‍රියාත්මක වන අතර ඔහුව පොඩිවී මිරිකී ගොස් ක්ෂණිකව මියයි.

2. විශාල උදම් රළ ඇති වේ.
ඔබ ලංකාව ඇතුලත කුමන ප්‍රදේශයක සිටියත් ගැලවීමක් නැත.පළමු ගැටලුවෙන් ඔබ කෙසේ හෝ දිවි ගලවා ගත්තේ නම් ඊළග ක්ෂණයේ ලග ලගම ඔබ වෙත එන අහස වසා ගත් මුහුදුරළ ඔබට දැකගත හැකි වේවී.ඒවා කෙතරම් ප්‍රබලද යත් පිදුරැතලාගල කන්ද මුදුනේ ඔබ සිටියේ නම් ඔබවද එම රළ මඟින් ගසාගෙන යනු ඇත.

3. බලවත් සුළඟක් නැඟෙනු ඇත.
වායු ගෝලය භ්‍රමණය වීමට පටන් ගනී සිතාගත නොහැකි තරම් වේගයකින් සුළං හමායයි. පැයට සැතපුම් 1,100 ට වඩා වේගයකින් හමායන සුළගින් ගැලවීමට කිසිම දෙයකට අවස්ථාවක් නොලැබී යයි.සමහර විට පෘථිවි වායුගෝලයෙන් කොටසක් සම්පූර්ණයෙන්ම පෘථිවිය හැරගොස් අවභ්‍යවකාෂයට මුසුවිය හැකිය.

4. පෘථිවියේ ඇති සියලුම ජලය සාගර 2 කින් එකතු වන අතර නව මහාද්වීපයක් බිහි වේ.
මේ වන විට පෘථිවිය මත ධ්‍රැවයන් අයිස් බවට පත්වී සමකය දෙපසට වන්නට සාගර නිර්මාණය වී ඇත්තේ භ්‍රමණය නිසා ඇතිවන කේන්ද්‍රාපසාරී බලය හේතුවෙනි.  පෘථිවියේ භ්‍රමණය හදිසියේ නැවැත්වීම මගින් ධ්‍රැව දෙකෙහිම මහා සාගර 2 ක් සෑදීම සිදුවේ.තවදුරටත් පෘථිවිය මත ඇත්තේ සාගර 2ක් පමණක් වනු ඇත.උත්තර සාගරය හා දක්ෂිණ සාගරය.සමකය සම්පූර්ණයෙන්ම ආවරණය වන පරිදි එක් ගොඩබිමක් නිර්මාණය වේ.එනම් තවදුරටත් පෘථිවිය මත මහද්වීප එකකි.ඉන්දියන් සාගරයේ මුතුඇටය තව දුරටත් ගොඩබිමක් ලෙසම පවතිනු ඇත.

5. ගිනි කඳු පිපිරීම්, සුළි කුණාටු සහ භූමිකම්පා ආරම්භ වනු ඇත.
පෘථිවියේ දැවැන්ත චාලක බලය සහ එහි ගම්‍යතාවය පෘථිවියේ ද්‍රව ලාවා අභ්‍යයන්තරය කලත්තනු ඇත.  ප්‍රතිඵලය තරමක් පුරෝකථනය කළ හැකිය.සියලුම ගිනිකදු සක්‍රීය විය හැකි අතර ඕනෑම පෘථිවි අභ්‍යන්තරයට ආසන්න සිදුරු වලින් ලාවා මතුපිටට පැමිණිය හැකිය.ලාවා මතුපිට ඇති භූ තැටි එක්වරම එකිනෙක ගැටෙනු ඇත.පෘථිවිය මතදී මෙතෙක් සිදුනොවූ ප්‍රබලම භූකම්පනයන් එවිට සිදුවේ.

6. පෘථිවිය භූගෝලයේ පවතින හැඩයේ සිට වඩාත් ගෝලයක් බවට පරිවර්තනය වේ.
පෘථිවියේ භූ හැඩයට හේතුව එහි භ්‍රමණ චලනයයි.  එය ධ්‍රැව මත තරමක් සමතලා වී ඇති අතර සමකය අවට තරමක් ගෝලාකාර බව අඩුය.පෘථිවි භ්‍රමණය නැවතුනු විට පෘථිවියේ හැඩය වඩාත් ගෝලාකාර ලෙස වෙනස්වනු ඇත.

7. එක් අර්ධගෝලයක් කාන්තාරයක් මෙන් උණුසුම් වන අතර අනෙක ඇන්ටාක්ටික් මෙන් සීතල වනු ඇත.
පෘථිවිය දිගින් දිගටම එක් අර්ධයක් සූර්යයාට මුහුණලා පවතින අතර එම අර්ධය ගිනියම් වන අතර ජලය සම්පූර්ණයෙන්ම සිදී යයි.එම අර්ධයෙහි තවදුරටත් ජීවයක් පැවතිය නොහැකිය.පෘථිවියේ අනෙක් අර්ධය සදාකාලීක අඳුරේ පවතින අතර සඳ එලිය පමණක් ලැබෙන අතර සදාකාලිකවම අහස වසාගත් තාරකා දැකගත හැකිය.නමුත් එම අර්ධයේද ජීවය වියැකී යයි.මන්ද යත් උෂ්ණත්ව අවම වන අතර දැනට පෘථිවියේ ධ්‍රැව මෙන් අයිස් පමණක්ම එහි පවතිනු ඇත.ධරාගත නොහැකි තරම් ඉතා අධික ශීතලක් පවතිනු ඇත.මෙම අර්ධයන් මාස 6කට සැරයක් මාරු වන්නේ පෘථිවිය තවදුරටත් පරිභ්‍රමණය වෙමින් තිබෙන නිසාය.මාස 6ක් දිගු රාත්‍රීයක් හා මාස 6ක් දීර්ඝ දහවලක් ඇතිවේ.ජීවය පවත්වා ගැනීමටනම් දිවා රාත්‍රී දෙකම මිශ්‍රවන පටුපරාසයට යාමට සිදුවෙවී.

8. භයානක කොස්මික් විකිරණවලින් පෘථිවිය ආරක්ෂා කරන චුම්බක ක්ෂේත්‍රය අතුරුදහන් වනු ඇත.
චුම්බක ක්ෂේත්‍රය මූලික වශයෙන් සෑදී ඇත්තේ පිටත හරය (වැඩි වශයෙන් යකඩ වලින් සාදා ඇති) ක්‍රියාවලීන් සහ ග්‍රහලෝකයේ භ්‍රමණ චලිතය හේතුවෙනි.පෘථිවිය නතරවූ විට චුම්භක ක්ශේත්‍රද අතුරුදහන් වන අතර තවදුරටත් මාලිමා ක්‍රියා නොකරයි.පෘථිවිය මතට කොස්මික් කිරණ කදම්භ පතිත වන අතර අධික විකිරණ පෘථිවිය වසා ගනු ඇත.

9. මිනිසුන් දිවි ගලවා ගත්තා නම්, එය සිදුවන්නේ තාපය හා සීතල මායිමේ පමණි.
මිනිස් සංහතියට හැකි වන්නේ රාත්‍රී හා දිවා කාලයේ මායිමේ ඇති නව කොන්දේසි වලට අනුවර්තනය වීමට පමණි.  මිනිසුන්ට භූගතව ජීවත් වීමට සිදුවන අතර විකිරණ නිසා ආරක්ෂිත ඇඳුම් වලින් පමණක් පිටතට යා යුතුය.

10. චන්ද්‍රයා අවසානයේදී පෘථිවියට වැටෙනු ඇත, නමුත් එය ඉක්මණින් සිදු නොවේ.
ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය වෝගන් ප්‍රට් පවසන්නේ සඳ ද ක්‍රමයෙන් මන්දගාමී වන බවත් පෘථිවියෙන් එහි දුර අඩු වන බවත් ය.  කාලයාගේ ඇවෑමෙන් එය අපේ පෘථිවියට කඩා වැටෙනු ඇත.

කරුණ නම් ඇත්ත වශයෙන්ම, පෘථිවිය මන්දගාමී වෙමින් පවතී.පෘථිවිය මීට පෙර අදට වඩා වේගයෙන් භ්‍රමණය වූ අතර දවසක් පැවතියේ පැය 6 ක් පමණි.  චන්ද්‍රයාගේ ගුරුත්වාකර්ෂණය නිසා පෘථිවියේ චලනයේ වේගය ක්‍රමයෙන් පහත වැටී තිබේ.  නාසා ගණනය කළේ සෑම වසර 100 කට වරක් දිවා කාලය මිලි තත්පර 2.3 කින් වැඩි වන බවයි.  අවුරුදු බිලියන ගණනකට පසු, දිවා කාලය සහ රාත්‍රීය කිහිප ගුණයකින් වැඩි වනු ඇත, එවිට අපේ පෘථිවිය සමහර විට සම්පූර්ණයෙන්ම නතර වනු ඇත.නමුත් එම සත්‍ය පිලිබඳව කම්පා නොවිය යුතු අතර ඊට පෙර සූර්යයා විනාශ වනු ඇත.

පුදුම ලෝකය 🌎
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
එක්වරම පෘථිවිය භ්‍රමණය වීම නැවතුනොත් කුමක් සිදු වේවීද ? ⚡ Si Fi 🌎 (What Would Happen If The Earth Suddenly Stopped Rotating ?) එක්වරම පෘථිවිය භ්‍රමණය වීම නැවතුනොත් කුමක් සිදු වේවීද ? ⚡ Si Fi 🌎 (What Would Happen If The Earth Suddenly Stopped Rotating ?) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 14, 2021 Rating: 5

0 comments:

Post a Comment