Your Choice Way

රුලං චිප්ස් හදමු 🍟🍟🍟(Semolina French Fries)

රුලං චිප්ස් හදමු 🍟🍟🍟(Semolina French Fries) - Your Choice Way

අපි හැමෝම කාලා තියෙන්නේ අල වලින් හදන French fries. ඒක නිසා වෙනසකටත් එක්ක අපි හදමු රුලං වලින් French fries. මේක හදන්නත් හරිම ලේසී. එවගේම රසයි ගුණයි.අපි බලමු Semolina fries හදන්න අවශ්‍ය මොනවද කියලා.

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • 🍟 රුලං 1 Cup
  • 🍟 වතුර 1 Cup
  • 🍟 ලුණු ½ tsp (තේ හැදි)
  • 🍟 බැදීමට තෙල්

✅ සාදා ගන්නා ආකාරය :

  1. මුලින්ම භාජනයකට සියල්ල දමා ලිප තබා නොනවත්වා කලවම් කරන්න. 
  2. ඉන්පසු රුලං මීශ්‍රනය ගුලියක් ලෙස එකට එක්වී භාජනයේ නොඇලී වෙන් වු විට අඩු ගින්දරේ පියන වසා විනාඩි 2ක 3ක් උයාගන්න.දැන් ලිප Off කර නිවෙන්න තබන්න.
  3. ඉන්පසු නිවුණු රුලං මීශ්‍රනය තෙල් මේස හැන්දක් එක්කර හොදින් (Knead) කලවම් කර ගන්න. 
  4. දැන් රොලින් පින් එකකින් 1 CMක් මහත සිටින ලෙස තුනි කරගන්න. 
  5. දැන් පිහියකින් French fries ලෙස තීරු කපාගන්න.
  6. පසුව තෙල් රත් වීමට තබා තීරු රන්වන් පාට වනතෙක් බැදගන්න. 
  7. මෙම බැදගත් Semolina fries තක්කාලි සෝස් සමග පිළිගන්වන්න.
මම ගෙනාව 🍅 තක්කාලි සෝස් recipe එක. බලලා ඔයාලට පුළුවන් කෘතිම රසායනිකයන්ගෙන් තොරව සෞඛ්‍යාරක්ෂිතව සෝස් ගෙදරදිම හදාගන්න. 
රුලං චිප්ස් හදමු 🍟🍟🍟(Semolina French Fries) - Your Choice Way

හදලා බලලා අපිටත් රස කියන්න.තවත් රස පදමට හදන Recipe අරගෙන මම ආයිත් එන්නම්.සියලු දෙනාට සුභ දවසක්..

රස පදම ශාලිකා විජේවර්ධන
අපේ රස පදම Page එක Like කරලා Share කරන්නත් අමතක කරන්න එපා.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
රුලං චිප්ස් හදමු 🍟🍟🍟(Semolina French Fries) රුලං චිප්ස් හදමු 🍟🍟🍟(Semolina French Fries) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Monday, November 01, 2021 Rating: 5

0 comments:

Post a Comment