Samawa Denu Mena Song Lyrics - සමාව දෙනු මැන ගීතයේ පද පෙළ

Samawa Denu Mena Song Lyrics - සමාව දෙනු මැන ගීතයේ පද පෙළ
Song Title : Samawa Denu Mena (සමාව දෙනු මැන)
ගායනය : මිල්ටන් මල්ලවආරච්චි
සංගීතය : ක්ලැරන්ස් විජේවර්ධන
ගී පද : කරුණාරත්න අබේසේකර


සමාව දෙනු මැන සමාව දෙනු මැන
වරදක් වූවා නම්
සිත රිදවන්නට ඔබ හඬවන්නට
සිතුවේ නැත මා නම්
සිතුවේ නැත මා නම්

විසකුරු මිනිසුන් ඇසුරින් මිදිලා
අව්වේ වැහි පින්නේ
කිරි දරුවකු මෙන් උණුසුම් වෙන්නයි
ඔබ වෙත මා එන්නේ
ඔබ නොබැලුවොතින් සෙනෙහසකින් මගෙ
සිත් සුවපත් කරලා
කොතැනක යන්නද කාට කියන්නද
අත් දෙක දික් කරලා
අත් දෙක දික් කරලා

සමාව දෙනු මැන සමාව දෙනු මැන
වරදක් වූවා නම්
සිත රිදවන්නට ඔබ හඬවන්නට
සිතුවේ නැත මා නම්
සිතුවේ නැත මා නම්

ඔබ මගෙ හදවත් කුසුම පුබුදුවා
ඔය පාමුල රන්දයි
කොයික කියන්නෙත්
කොයික කරන්නෙත්
ආදරෙ වැඩි හින්දයි //
ආදරෙ වැඩි හින්දයි

සමාව දෙනු මැන සමාව දෙනු මැන
වරදක් වූවා නම්
සිත රිදවන්නට ඔබ හඬවන්නට
සිතුවේ නැත මා නම්
සිතුවේ නැත මා නම්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Samawa Denu Mena Song Lyrics - සමාව දෙනු මැන ගීතයේ පද පෙළ Samawa Denu Mena Song Lyrics - සමාව දෙනු මැන ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 11, 2021 Rating: 5

0 comments:

Post a Comment