Paaya Aa Sanda Song Lyrics - පායා ආ සඳ ගීතයේ පද පෙළ

Paaya Aa Sanda Song Lyrics - පායා ආ සඳ ගීතයේ පද පෙළ
Song Title : Paaya Aa Sanda (පායා ආ සඳ)
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි
සංගීතය : එම්.කේ. රොක්සාමි
ගී පද : කරුණාරත්න අබේසේකර


පායා ආ සඳ අඳුරු වළාවෙන්
මා ඉදිරියෙදිම වැසුනා
සෝකය තාපය පාළුව අතරේ
ඉකිබිඳ හැඬුවා ඇසුණා
පායා ආ සඳ අඳුරු වළාවෙන්
මා ඉදිරියෙදිම වැසුනා

හද විමනේ බිතු සිතුවම්
කිලිටි කළේ ඔබෙ දෑතයි //
නොපැතු වියෝගයෙ මහ වරුසාවෙන්
දෑත දෙපය මගෙ සීතයි
දෑත දෙපය මගෙ සීතයි

පායා ආ සඳ අඳුරු වළාවෙන්
මා ඉදිරියෙදිම වැසුනා

ඔබ පැමිණී ඔබම ගියා
නැවතුණ තැන මම ඉන්නම් //
මගෙ සහයෝගය පතන වෙලාවේ
කොහි සිට හෝ යළි එන්නම්
කොහි සිට හෝ යළි එන්නම්

පායා ආ සඳ අඳුරු වළාවෙන්
මා ඉදිරියෙදිම වැසුනා
සෝකය තාපය පාළුව අතරේ
ඉකිබිඳ හැඬුවා ඇසුණා
පායා ආ සඳ අඳුරු වළාවෙන්
මා ඉදිරියෙදිම වැසුනා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Paaya Aa Sanda Song Lyrics - පායා ආ සඳ ගීතයේ පද පෙළ Paaya Aa Sanda Song Lyrics - පායා ආ සඳ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 11, 2021 Rating: 5

0 comments:

Post a Comment