Rosa Pata Handawa Song Lyrics - රෝස පාට හැන්දෑව ගීතයේ පද පෙළ

Rosa Pata Handawa Song Lyrics - රෝස පාට හැන්දෑව ගීතයේ පද පෙළ
Song Title : Rosa Pata Handawa (රෝස පාට හැන්දෑව)
ගායනය : කීර්ති පැස්කුවෙල්
සංගිතය : සජිත් රාජපක්ෂ
ගී පද : චතුරිකා රන්සිමාලා


රෝස පාට මේ හැන්දෑ අහසම පාළු වෙලා
කතා නොකර මගේ පුංචි කිරිල්ලී නපුරු වෙලා
ගමෙන් ගියපු ටික කාලෙට නුඹ හරි වෙනස් වෙලා
මාත් උන්නේ හරි දුකකින් නුඹගෙන් දුරස් වෙලා
මාත් උන්නේ හරි දුකකින් නුඹගෙන් දුරස් වෙලා

සිලිලාරෙක මුදු සීතල තවරා කියපු කතා
පුංචි පැටව් කාලේ අපි දෙවැටේ පැන නටලා
වනමල් පළඳා මගේ පුංචි මනමාලි වෙලා
එදා බැන්ද හිත තාම තියෙනවා ඔයා පතා
එදා බැන්ද හිත තාම තියෙනවා ඔයා පතා

කවට කමට හිටියාට ටිකක් අපි තරහා වෙලා
මුරණ්ඩුකම් හොඳ නෑ අපි දැන් ලොකු ළමයි වෙලා
බිඳෙන් බිඳම බැඳි ආදරයත් දැන් ලොකු වැවක් වෙලා
මේ හාදුව අරගන්නකො ඩිංගක් හිනා වෙලා
මේ හාදුව අරගන්නකො ඩිංගක් හිනා වෙලා

රෝස පාට මේ හැන්දෑ අහසම පාළු වෙලා
කතා නොකර මගේ පුංචි කිරිල්ලී නපුරු වෙලා
ගමෙන් ගියපු ටික කාලෙට නුඹ හරි වෙනස් වෙලා
මාත් උන්නේ හරි දුකකින් නුඹගෙන් දුරස් වෙලා
මාත් උන්නේ හරි දුකකින් නුඹගෙන් දුරස් වෙලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Rosa Pata Handawa Song Lyrics - රෝස පාට හැන්දෑව ගීතයේ පද පෙළ Rosa Pata Handawa Song Lyrics - රෝස පාට හැන්දෑව ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 30, 2021 Rating: 5

0 comments:

Post a Comment