Payala Mage Lowe Song Lyrics - පායාලා මගේ ලොවේ ගීතයේ පද පෙළ

Payala Mage Lowe Song Lyrics - පායාලා මගේ ලොවේ ගීතයේ පද පෙළ
Song Title : Payala Mage Lowe (පායාලා මගේ ලොවේ)
ගායනය : කීර්ති පැස්කුවෙල්
සංගීතය : ස්ටැන්ලි පීරිස්
ගී පද : සමන් චන්ද්‍රනාත් වීරසිංහ


පායාලා මගේ ලොවේ
කාගේදෝ සිනා දිලේ
උදෑසනේ සැඳෑසමේ
සදාදරේ නවාතැනේ
පායාලා මගේ ලොවේ

පාට පාට සිහිනේ මා
මල් පාරුවේ නැගීලා
නීල දෑස පැටලීලා
ඔබ හා ගියේ ඇඳීලා
මිහිරාවියේ මගේ
මා බැන්ද ආදරේ
හැමදාම මේ වගේ
අඩු නෑ මගේ සිතේ

පායාලා මගේ ලොවේ
කාගේදෝ සිනා දිලේ

තාරකාව ඔබ නේදෝ
නිදනා සඳේ තුරුල්ලේ
මාළිගාව සිත නේදෝ
ඔබ මා තැනූ නිදැල්ලේ‍
මිහිරාවියේ අපේ
මේ පුංචි ලෝකයේ
මුතු වාගේ ආදරේ
දෙහදේ සදා දිලේ

පායාලා මගේ ලොවේ
කාගේදෝ සිනා දිලේ
උදෑසනේ සැඳෑ සමේ
සදාදරේ නවාතැනේ

පායාලා මගේ ලොවේ
කාගේදෝ සිනා දිලේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Payala Mage Lowe Song Lyrics - පායාලා මගේ ලොවේ ගීතයේ පද පෙළ Payala Mage Lowe Song Lyrics - පායාලා මගේ ලොවේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 30, 2021 Rating: 5

0 comments:

Post a Comment