රේන්බෝ සැන්ඩ්විචස් හදමු (Rainbow Sandwiches)

රේන්බෝ සැන්ඩ්විචස් හදමු (Rainbow Sandwiches) - Your Choice Way

මම අද ☔ දවසේ හැදුවා උදේට කන්න රස කෑමක් . රේන්බෝ සැන්ඩ්විචස් (Rainbow Sandwiches). හරිම රසයි වගේම ලෙහෙසියි හදන්න .  මෙහෙමයි හැදුවේ .

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • සැන්ඩ්විචස් පෙති පාන් ලොකු 
  • කැරට්  (පෙති කපලා යාන්තමට වගේ රයිස් කුකර් එකේ ස්ටීමර් එකේ තම්බන්න)
  • බීට් රූට් අල  (තරමක කැලි කපා යාන්තමට වගේ රයිස් කුකර් එකේ ස්ටීමර් එකේ තම්බන්න )
  • අමු මිරිස් කරල් 1  සිහින්ව කපා ගත් 
  • බිත්තර 1  (තම්බා පොඩි කරගත් )
  • බටර් හෝ මාජරින් මේස හැදි 2 
  • ගම්මිරිස් කුඩු ටිකක් 
  • මැයෝනීස් ටිකක් 
  • චීස් පෙති (මම ලග නැති නිසා චීස්  එකෙන් හීනියට පෙති කපා ගත්තා )
  • ලුනු කුඩු ටිකක් 

✅ සාදා ගන්නා ආකාරය :

  1. පලමුව කැරට් , බීට්  වෙන වෙනම ග්‍රයින්ඩර් එකේ ග්‍රයින්ඩ් කරන්න . වෙන වෙනම භාජන වලට දමන්න . එවගේම වෙන වෙනම හැදි දාන්න . 
  2. තවත් භාජනයකට මැයෝනීස් , ගම්මිරිස් , ලුනු , බටර් එකතු කර හොඳින් මිශ්‍ර කරන්න . මෙම මිශ්‍රණය හැම භාජනයකටම සමානව දමා හොඳින් මිශ්‍ර කරන්න .
  3. බිත්තර 1 තම්බා පොඩි කර අමු මිරිස් එකතු කර එයට මැයෝනීස් මිශ්‍රණය ටිකක් එකතු කර හොඳින් මිශ්‍ර කරන්න . (පහල පින්තූරයේ පෙනන පරිදි )
  4. දැන් පාන් පෙති වල වාටි කපා එක පාන් පෙති එකක පලමුව කැරට් මිශ්‍රණය ගාන්න . ඊට උඩින් තව පාන් පෙති 1 තබා බීට් රූට් මිශ්‍රණය ගාන්න.
  5. දැන් තව පාන් පෙති 1 තබා උඩින් බිත්තර මිශ්‍රණය ගා චීස් පෙති තබා තව පාන් පෙති 1 තබන්න . පසුව හරහට කැපුවා . හදලා බලන්න කෝ . 

Dhammika Panangala (ධම්මිකා පනංගල)
රේන්බෝ සැන්ඩ්විචස් හදමු (Rainbow Sandwiches) - Your Choice Way

රේන්බෝ සැන්ඩ්විචස් හදමු (Rainbow Sandwiches) - Your Choice Way

රේන්බෝ සැන්ඩ්විචස් හදමු (Rainbow Sandwiches) - Your Choice Way

රේන්බෝ සැන්ඩ්විචස් හදමු (Rainbow Sandwiches) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
රේන්බෝ සැන්ඩ්විචස් හදමු (Rainbow Sandwiches) රේන්බෝ සැන්ඩ්විචස් හදමු (Rainbow Sandwiches) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 10, 2021 Rating: 5

0 comments:

Post a Comment