Pera Eka Dawasaka Song Lyrics - පෙර එක දවසක ගීතයේ පද පෙළ

Pera Eka Dawasaka Song Lyrics - පෙර එක දවසක ගීතයේ පද පෙළ
Song Title : Pera Eka Dawasaka (පෙර එක දවසක)
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි
සංගීතය : සරත් දසනායක
ගී පද : උපාලි ධනවලවිතාන


පෙර එක දවසක සඳ නැති සවසක
ඔබ මා සමුගත් ඉවුරු තලාවේ
යළි අප හමුවේවා
යළි අප හමුවේවා

ආල හැඟුම් දෙන කොමල සිනාවෙන්
මගේ පැතුම් ලොව සසල කලා සේ
නීල නුවන් ඇති දෑල වලින් ඔය
තවත් ලොවක්‌ ඔබ එළිය කලාවේ

පෙර එක දවසක සඳ නැති සවසක
ඔබ මා සමුගත් ඉවුරු තලාවේ
යළි අප හමුවේවා
යළි අප හමුවේවා

එකම වරක්‌ හෝ නෙත සනසන්නට
ආශාවෙන් මා ඔබ දෙස බලලා
එකම වරක්‌ නොව එක හෝරාවක
දහස්‌ වරක්‌ මා මනසින් හැඬුවා

පෙර එක දවසක සඳ නැති සවසක
ඔබ මා සමුගත් ඉවුරු තලාවේ
යළි අප හමුවේවා
යළි අප හමුවේවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Pera Eka Dawasaka Song Lyrics - පෙර එක දවසක ගීතයේ පද පෙළ Pera Eka Dawasaka Song Lyrics - පෙර එක දවසක ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 17, 2021 Rating: 5

0 comments:

Post a Comment