✅ අවශ්‍ය ද්‍රව්‍ය :
- Fresh milk 500ml
- සුදු විනාකිරි 40ml
- ලුණු ස්වල්පයක්
✅ සාදා ගන්නා ආකාරය :
ප්‍රථමයෙන්ම කිරි එක ලිපේ තියන්න.මතක තියා ගන්න ගින්දර වැඩි කර ගන්න එපා අවම ගින්දර මට්ටමක තියා ගන්න.
- ♦️ ඉතා අවම ගින්දරෙන් තමයි උණු කරන්න ඕන.ඔන්න නැවත නැවත කියනවා ගින්දර වැඩි කර ගන්න එපා.
- ♦️ දැන් කිරි එකට ඇගිල්ල දාන්න පුලුවන් තරමට උණු වේගෙන එනකොට විනාකිරි එකෙන් බාගයක් වගේ එකතු කරන්න.
- ♦️ විනාකිරි එක එකතු කලාට පස්සෙ කිරි එක කැටි ගැහෙන්න පටන් ගනිවි.දැන් ඉතුරු විනාකිරි ටිකත් එකතු කරන්න.
- ♦️ මතක තියා ගන්න මේක කවලම් කරන්න හැඳි ගන්න එපා.එක තැනකට මේ කැටි ටික පරිස්සමෙන් එකතු කරන්න.
- ♦️ කිරි සහ වතුර හොඳට වෙන් වුනාට පස්සෙ ලිප නිවන්න.දැන් මේක පෙරා ගන්න.(පිරිසිදු රෙදි කැබැල්ලක් ආධාරයෙන්)
- ♦️ පසුව අපි පෙරාගත්තු කිරි ටික ගුලියක් කරගන්න. හොඳට වතුර මිරි කන්න.
- ♦️ දැන් උණු වතුරට ලුණු ටිකක් දාල මේ ගුලිය හොදට සෝදා මිරික ගන්න.(3 -4 වාරයක් මෙසේ සෝදා මිරිකා ගන්න)
- ♦️ දැන් අයිස් වතුරට එක කරල හොඳට සෝදා මිරිකා ගන්න.
- ♦️ පසුව Wrapping Paper එකකින් කවර් කරල ශීතකරණයේ තියන්න.
හරිම ලේසියි පහසුයි නේද?
♦️ දැන් ප්රශ්නය දවස් කීයක් තියා ගන්න පුළුවන්ද කියල නේ.. මම ඉතින් උවමනා උන වෙලාවට තමයි හදා ගන්නෙ.ඒත් දවස් 4 ක් වගේ තියා ගන්න පුළුවන්.(අත්හදා බලල තියනවා 😃)
♦️ හැබැයි ඉතින් ෆ්‍රීසර් දාල ඊට වඩා දවස් තියා ගන්න පුළුවන්.
♦️ ඔන්න මේ වෙද්දි අපි කෑම හදද්දි ඉතා ගොඩක් මුදල් යන මිල්ක්මේඩ්,වීපින් ක්‍රීම්,මොසරැල්ලා චීස් අඩු වියදමට ඉක්මනට සෞඛ්‍ය ආරක්ෂිතව හදන හැටි කියල දුන්න.
ආයෙ දවසක මේ වගේ තවත් රසම රස රෙසිපි එකකින් හමුවෙමු. ඔයාල හැමෝටම වාසනාවේ සුවහසක් මල් පිපේවා කියල ප්‍රාර්ථනා කරනවා! උතුම් තෙරුවන් සරණයි ☸
✍️ ගයාන් විදාන පතිරණ
Lecturer in Management & English Language CA, IELTS Examiner, Ex-Banker, JP (All Island)
0 comments:
Post a Comment