Kolaba Sanniya Song Lyrics - කොළඹ සන්නිය ගීතයේ පද පෙළ

Kolaba Sanniya Song Lyrics - කොළඹ සන්නිය ගීතයේ පද පෙළ
Song Title : Kolaba Sanniya (කොළඹ සන්නිය)
ගායනය : ක්ලැරන්ස් විජේවර්ධන (සුපර් ගෝල්ඩන් චයිම්ස්))
පද : මර්සිලින් ජයකොඩි පියනම
තනුව : මර්සිලින් ජයකොඩි පියනම හා සුනිල් සාන්ත
සංගීතය : සරත් ප්‍රනාන්දු (නිමල් මෙන්ඩිස් ගේ උපදේශකත්වය සහිතව)
1976 වසරේදී සිංහල සිනමාවට එක්වූ කොළඹ සන්නිය චිත්‍රපටියේ ගීයකි.


දෙළුම් පොකුරු වාගේ කැකුළු රතු වෙලා
මුහුණ පියලි වාගේ සුවඳ මතුවෙලා
රන්වන් රන්වන් රංචු රංචු මැණිකෙලා
දැන් දැන් මං වල පොකුරු පොකුරු කැටිවෙලා
නෙළුම් දඬුවෙ කටු වගේය අතේ ඇණෙනවා
කැකුළු මකුලු දැල වගේය ඇඟේ එතෙනවා
හිනැහි හිනැහි ඔමරි කරන පුදුම අඟර දඟර කරන
කැකුළු මුකුලු ටිකිරිලා
සරති සුළඟෙ කොළ වගේ
වැදිල ඇලෙන පැණි වගේ වැදිල ඇලෙනවා
මෙන්න කොළඹ සන්නිය කොළඹ සන්නිය

නටති රඟති කැරකිලා සොකරි නැටුම් පරදලා
ඉහළ පහළ හොරිකඩයි ජාති ජාති හැඩ ගොඩයි
අත්කම් විස්කම් හිරට ඇඟට දාලා
විස්කම් දස්කම් ඇදල පැදල පාලා
අම්ම දුවට අඩු වියෙයි කැපිල පෙනෙනවා
අම්ම දුවට අඩු වියෙයි කැපිල පෙනෙනවා
අඟල් දෙකේ හැට්ටෙකුයි මුද්දරේක රෙද්දකුයි
දෙතොල රතට ලේ වගෙයි
මූණ හඳුන් ලී වගෙයි
නටව නටව නට නටා යතිය රට වටා
මෙන්න කොළඹ සන්නිය කොළඹ සන්නිය

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kolaba Sanniya Song Lyrics - කොළඹ සන්නිය ගීතයේ පද පෙළ Kolaba Sanniya Song Lyrics - කොළඹ සන්නිය ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 27, 2021 Rating: 5

0 comments:

Post a Comment