Karagala Gaga Enna Song Lyrics - කරගල ගගා එන්න ගීතයේ පද පෙළ

Karagala Gaga Enna Song Lyrics - කරගල ගගා එන්න ගීතයේ පද පෙළ
Song Title : Karagala Gaga Enna (කරගල ගගා එන්න)
ගායනය : විශාරද ගුණදාස කපුගේ
පද රචනය : රත්න ශ්‍රී විජේසිංහ
තනුව : විශාරද ගුණදාස කපුගේ


කරගල ගගා එන්න
කරගලා ගගා එන්න
කරණවෑමි සෝයුරාණනේ
කරදර තැවුල් බරින්
මා හිස මුදාලන්න
කරණවෑමි සෝයුරාණනේ //

නමනා සිරස ඔබට
ඉසුරින් පිරුණු දනට
ඔබ හිස රැගෙන යතැයි බිය සැක නැතුවා
පාමින් ඔබට නිකට
ඔච්චම් කල එවුන්ට
අහිතක් නැත ඔබ සිතුවා

කරගල ගගා එන්න
කරගලා ගගා එන්න
කරණවෑමි සෝයුරාණනේ
කරදර තැවුල් බරින්
මා හිස මුදාලන්න
කරණවෑමි සෝයුරාණනේ

බිඩිය දමා බිමට
ගඳ දුම් දී බුදුන්ට
ඔබ පිල් කඩට වෙලා බලා ඉන්නවා
මඟුලැතු ඇවිත් රුවට
ඔබගේ සැලුන් දොරට
හීනෙන් දෙදණ නමනවා

කරගල ගගා එන්න
කරගලා ගගා එන්න
කරණවෑමි සෝයුරාණනේ
කරදර තැවුල් බරින්
මා හිස මුදාලන්න
කරණවෑමි සෝයුරාණනේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Karagala Gaga Enna Song Lyrics - කරගල ගගා එන්න ගීතයේ පද පෙළ Karagala Gaga Enna Song Lyrics - කරගල ගගා එන්න ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 30, 2021 Rating: 5

0 comments:

Post a Comment