ඊතණ (Ithana - Heteropogon Contortus)

ඊතණ (Ithana - Heteropogon Contortus) - Your Choice Way
🌿 ලංකාවේ බොහෝ ප්‍රදේශ වල වැවෙන අඩියක් පමණ උස බහුවාර්ෂික ශාකයකි. මෙය ලෝකයේ නිවර්තන හා උපනිවර්තන ප්‍රදේශවල වැවේ. රොද බැඳී සෘජුව වැඩෙන ඊතණ දඬුවල ඉහල කොටසින් ශාකා විහිදේ. 

🌿 මේ ශාකයේ පත්‍ර කොපු සිනිඳුය. ජිහ්වලය. කෙටිය. පත්‍රය අඟල් හතරක් පමණ දිගය. එය ඉවත් කල විට අඟල් දෙකක් පමණ දිග ඒකාක්ෂය පෙනේ. මෙහි කීණකය කෙටිය. 

🌿 POACEAE හෙවක් තෘණ කුලයට අයත් මෙම ශාකයේ මුල් ජලය සොයා පොළොවේ ඉතා ගැඹුරට දිවේ. 

🌿 කෙසේවෙතත් ඊතණ මතභේදාත්මක ශාකයක් වන අතර විද්වතුන් අතර කුම ශාකයදැයි එකඟතාවයක් නැත.

ඖෂධීය වටිනාකම
🌿 සංස්කෘත භාෂාවෙන් ඊතණ හැඳින්වෙන්නේ “දුර්වා“ යන නමිනි. නීල දුර්වා, ශ්වේත දුර්වා (එළ ඊතණ), ගණ්ඩ දුර්වා සහ මාලා (වල්ලි) දුර්වා යයි ඊතණ ප්‍රභේද හතරක් ගැන ආයුර්වේද ග්‍රන්ථ වල සඳහන්වේ.ඇතැම් ග්‍රන්ථ වල දැක්වෙන්නේ ප්‍රභේද තුනක් පමණි.

🌿 නීල දුර්වා - මිහිරිය, තිත්තය, සිහිල්ය, රුචිකය, රත්පිත් හා අතීසාරය නසයි. වාත, සෙම්, උණ පහ කරයි.

🌿 ශ්වේත දුර්වා - අතිශයින් සිහිල්ය, වමනය සහ පිත් ආබාධ ජය ගනී. අතීසාරය, දැවිල්ල හා පිපාසය නසයි.ආහාර රුචිය ඇති කරයි.

🌿 ගණ්ඩ දුර්වා - මිහිරිය, වා, පිත්, උණ පහ කරයි. ශීතය. කරකැවිල්ල හා ක්ලාන්තය සමනය කරයි.

🌿 මාලා දුර්වා - ඉතා මිහිරිය, සිහිල්ය, පිත නසයි. වමනය හා පිපාසාව දුරු කරයි.

🌿 නීල, ශ්වේත හා ගණ්ඩ යන ඊතණ වර්ග වල ශීතල කසට ගුණය සපුරා ඇත. ඒවා රත්, පිත් , වා, සෙම් පහ කරයි.

🌿 විසප්පු, රත්පිත්, කුෂ්ට, සෙම් රෝග, මූත්‍රා ආබාධ, නාසයෙන් ලේ ගැලීම හා ස්ත්‍රීන්ගේ ඔසප් රෝග ආදියට දෙනු ලබන ඖෂධ පිලියෙල කිරීමේදී ඊතණ ප්‍රධාන ද්‍රව්‍යයක් සේයොදාගනු ලැබේ.

🌿 මේ හැර සර්ප විෂ,කැඩ්ම් බිඳුම් හා වණ තුවාල ආදියට යොදන තෙල්, ගුලි හා කල්ක ආදියට ඊතණ විශේෂයෙන් ගනු ලැබේ.

ශාක ලෝකය සහ ශ්‍රී ලංකාවේ ඖෂධීය ශාක කෘතිය ඇසුරිනිසරත් රණවීර සහ රේඛා රණවීර සේයාරූ අන්තර්ජාලයෙන
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ඊතණ (Ithana - Heteropogon Contortus) ඊතණ (Ithana - Heteropogon Contortus) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 04, 2021 Rating: 5

0 comments:

Post a Comment