වප් පොහෝදා සංකස්‌ස පුරයේ වූ දේවාවරෝහණයෙන් පසු අප බුදු රජාණන් වහන්සේ හා සැරියුත් මහා රහතන් වහන්සේ අතර කෙරුණු ධර්ම සාකච්ඡාවට සවන් දීමෙන් පසු මහත් ප්‍රීතියෙන් ඔද වැඩී ගිය එනුවර වැසි සිරිවර්ධන කෙළෙඕයාණන්ට පුත්ව ඉපිද සිටි මෛත්‍රීය බෝසතුන් උතුම් පැවිද්ද ලබා ගත් සේක. එවැනි දිනක පැවිදි භූමියට පත් මෙත් බෝසතාණෝ සීලාදී ගුණ ධර්මවල යෙදෙමින් කුසල් දහම් සිදුකර ගන්නේ චීවර මාසයෙහි අවසානයෙහි වස්‌සග්ගයෙන් ලද වස්‌ත්‍ර දෙකක් හිමි විය.
තමන් වහන්සේ වෙත ලැබුණු චීවර දානයේ මහාර්ඝත්වය තේරුම් ගත් බෝධි සත්වයෝ එක් වස්‌ත්‍රයක් භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටින ස්‌ථානයෙහි උඩුවියනක් කොට බැඳ අනෙක් වස්‌ත්‍රය කඩ කොට ඉරා වියන් කෙළවර එල්ලා බැඳ බුදු රදුන්ට පූජා කොට රැස් වූ මහා සංඝයා ඉදිරියේ එකත් පස්‌ව වැඩ හුන්හ. මෙත් බෝසතාණන් වහන්සේගේ මේ මහා පූජාව බුදු ඇසින් දැක ගෞතම බුදුරජාණන් වහන්සේ බෝධි සත්වයන් අමතා ඔබ මේ මහා භද්‍ර කල්පයෙහි මෛත්‍රී බුදුන් නමින් බුදු වන්නේ යයි නියත විවරණ දී වදාළ සේක. එය අද වන් පොහෝ දිනක සිදු විය.
ඇසළ පොහෝ දින ඉසිපතන මිගදායේ දී දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව පවත්වා එහිම වස් වසා තථාගතයන් වහන්සේ වස් පවාරණය කොට තවත් මාසයක් එහිම වැඩ සිටිමින් දිනක් පස්‌වග මහණුන් ප්‍රමුඛ යස සුභාහු පුණ්‌නජි ගවම්පති ආදි කොට සෑම දෙනා අමතා "චරත භික්‌කවේ චාරිකං බහු ජන හිතාය බහු ජන සුඛාය" යනාදී වශයෙන් මහණෙනි බොහෝ ජනයාට හිත සුව පිණිස ලෝකානුකම්පාවෙන් චාරිකාවෙහි හැසිරෙන්න. එක් මගකින් දෙදෙනෙක් නොයා එක් මගකින් එක් කෙනෙක් වැඩම කොට "ආදි කල්‍යානේ මෙච්ඡ කල්‍යානේ පිරිසොසාන කල්‍යානේ" ආදි වශයෙන් දක්‌වා ඇති මුල යහපත් වූද මැද යහපත් වූද, අග යහපත් වූද, ධර්මය ලෝකයාට ප්‍රකාශ කරව් යයි අභීත ප්‍රකාශනයක් කර සැට දිසාවකට ඔවුන් යවා තමන් වහන්සේ ධර්ම දේශනා පිණිස උරුවෙල් ජනපදයට වැඩම කළ සේක.
මේ ආරම්භ කරන ලද ධර්මදූත ව්‍යාපාරය ඉතිහාසගත සිද්ධියකි. මේ වැදගත් ක්‍රියාදාමයෙහි පරමාර්ථ අවබෝධ කරගත් ඒ අනුව යමින් ක්‍රියා කළ අශෝක අධිරාජයා ධර්මදූත වහන්සේලා එතෙර මෙතෙර පිටත් කර හැරීම නිසා දේශ දේශාන්තරවල ඉතා ශීඝ්‍රයෙන් බුදු දහම පැතිරී ගියේ මෙසේ ලොව පළමු වරට දියත් කළ ධර්මදූත ව්‍යාපාරය ද අද වැනි දිනක ආරම්භ වූවකි.
මේ අවස්‌ථාව වන විට උරුවෙල් කාශ්‍යප, නදී නාශ්‍යප, ගයා කාශ්‍යප යන ජටිල සොහොයුරෝ තිදෙනා කණ්‌ඩායම් වශයෙන් ගෙන තපස් ක්‍රම කියා දෙමින් සිටියහ. බුදුරදහු එහි වැඩ නොයෙක් විදියේ ප්‍රාතිහාර්ය දක්‌වා ඔවුන් දමනය කොට බුද්ධ ශ්‍රාවකයන් බවට පත් කළ සේක. ඔවුන් දමනය කොට වදාළේ ද ඉල් පුර පසළොස්‌වක් පොහෝදාය.
බුද්ධ නියමය පරිදි පෙර වස් විසීමට නොහැකි භික්‍ෂූන්ට පසු වස් විසුමට නොහැකි භික්‍ෂූන්ට පසු වස් සමාදන්ව අවසානයෙහි පවාරණ කිරීම අද වැනි ඉල් පොහෝ දිනට යෙදේ.
බුදුන් දවස සම්බුද්ධ ශාසනයෙහි වගකිව යුතු උත්තමයකු වූ සැරියුත් මහ රහතන් වහන්සේ ඉතා ගුණවත් උතුමෙකි. මුන් වහන්සේට චුන්ද, උපසේන, රේවත යයි සහෝදරයන් තුන් දෙනෙක් හා චාලා, උප චාලා, සිසුපචාලා යන සහෝදරියන් තිදෙනෙක් ද සිටියහ. ඔවුහු භික්‍ෂු ශාසනයෙහි භික්‍ෂුණී ශාසනයෙහි පැවිදිව තම ජීවිත වාසනාවන්ත කරගත් අතර සම්බුදු සසුනෙහි උන්නතියට මහඟු සේවයක් කළා. එහෙත් සැරියුත් මාතාව "සාරි බැමිණිය" මිසදිටු තැනැත්තියකි. ඇයද බෞද්ධ උපාසිකාවක් බවට පත් කළාය. සැරියුත් මහ රහතන් වහන්සේ සිය ගෙදරදීම පිරිනිවන් පා වදාළසේක.
වතුරුවිල හේමාලෝක හිමි
0 comments:
Post a Comment