Hiru Sandu Makena Song Lyrics - හිරු සඳු මැකෙනා ගීතයේ පද පෙළ

Hiru Sandu Makena Song Lyrics - හිරු සඳු මැකෙනා ගීතයේ පද පෙළ
Song Title : Hiru Sandu Makena (හිරු සඳු මැකෙනා)
ගායනය : ක්ලැරන්ස් විජේවර්ධන
පද : හේමසිරි හල්පිට
තනුව : ක්ලෝඩ් ප්‍රනාන්දු


හිරු සඳු මැකෙනා
තරු කැට වැටෙනා
ලොව ඝණඳුරු වී තිබූ
සිත අසරණ වී හැඬූ
ඒ රැයේදී බැඳි ආදරේ බිඳිලා
බිඳිලා
ළඳුනේ කිමදෝ වෙන්වූයේ

දියවැල් මැකිලා
ගඟුලැල් සිඳිලා
මල් මැලවුණු යාමයේ
බිඟු වැළපුණු පාළුවේ
මේ පැයේදී බැඳි ආදරේ බිඳිලා
බිඳිලා
ළඳුනේ කිමදෝ වෙන්වූයේ

හිරු සඳු මැකිලා
තරු කැට වැටිලා
ලොව ඝණඳුරු වී තිබූ
සිත අසරණ වී හැඬූ
ඒ රැයේදී බැඳි ආදරේ බිඳිලා
බිඳිලා
ළඳුනේ කිමදෝ වෙන්වූයේ

මීවිත සිඳිලා
ගී පද මැකිලා
සිත ගොළුවුණු යාමයේ
ලොව සැතපෙන මේ පැයේ
ඒ දිනේදී බැඳි ආදරේ බිඳිලා
බිඳිලා
ළඳුනේ කිමදෝ වෙන්වූයේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hiru Sandu Makena Song Lyrics - හිරු සඳු මැකෙනා ගීතයේ පද පෙළ Hiru Sandu Makena Song Lyrics - හිරු සඳු මැකෙනා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 28, 2021 Rating: 5

0 comments:

Post a Comment