Hadanna Lanwa Athi Song Lyrics - හඬන්න ළංව ඇති ගීතයේ පද පෙළ

Hadanna Lanwa Athi Song Lyrics - හඬන්න ළංව ඇති ගීතයේ පද පෙළ
Song Title : Hadanna Lanwa Athi (හඬන්න ළංව ඇති)
ගායනය : එඩ්වඩ් ජයකොඩි සහ ධම්මිකා බණ්ඩාර
පද : බන්දුල නානායක්කාරවසම්
තනුව : රෝහණ වීරසිංහ


හඬන්න ළංව ඇති ඔබේ නුවන් පුරා
ඇඳෙන්නෙ ජීවිතේ කතාවදෝ
හෙළන්න බැරිව ළතැවෙනා සුසුම් සදා
කියන්නෙ ජීවිතේ මුලාවදෝ

තරු ඇසක් ඇරී උදාගිරේ
බිම් මලක් මුවින් හිනා නැඟේ

තරු ඇසක් ඇරී උදාගිරේ
බිම් මලක් මුවින් හිනා නැඟේ

තරු ඇසේ කතා මියේද
බිම් මලේ හිනා මැකේද
මේ වෙනස දෝ ආදරේ

හඬන්න ළංව ඇති ඔබේ නුවන් පුරා
ඇඳෙන්නෙ ජීවිතේ කතාවදෝ
හෙළන්න බැරිව ළතැවෙනා සුසුම් සදා
කියන්නෙ ජීවිතේ මුලාවදෝ

සඳ රැහැන් වැටී සුනිල් දියේ
කුමුදු මල් දෙතොල් විදා පිපේ

සඳ රැහැන් වැටී සුනිල් දියේ
කුමුදු මල් දෙතොල් විදා පිපේ

හිරු ඇවිත් එ මල් දවාද
ඒ දුකත් වසන්ව යාද
මේ අරුත දෝ ආදරේ

හඬන්න ළංව ඇති ඔබේ නුවන් පුරා
ඇඳෙන්නෙ ජීවිතේ කතාවදෝ
හෙළන්න බැරිව ළතැවෙනා සුසුම් සදා
කියන්නෙ ජීවිතේ මුලාවදෝ

ඇඳෙන්නෙ ජීවිතේ කතාවදෝ
කියන්නෙ ජීවිතේ මුලාවදෝ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hadanna Lanwa Athi Song Lyrics - හඬන්න ළංව ඇති ගීතයේ පද පෙළ Hadanna Lanwa Athi Song Lyrics - හඬන්න ළංව ඇති ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 29, 2021 Rating: 5

0 comments:

Post a Comment